Tuesday, May 21, 2013

නුමට රසඳුනක්ද මා ගත වේදනාව.......


කිමද නුඹ මට පැවසුවේ රස කර මුසා
“ආදරෙයි මම නුඹට” පිළිගන්න බෑ සදා
පැන්නත් පහළට මම සුදු සේල විදා
නුඹට රසඳුනකි මා ගත ඉහිරුණු රුධිරය සදා

----------------------------------

සිත හදාගත්තෙ කොහොමද නුඹ
ගල් පව්වෙන් පනින්නට
සුදු සේල ගත දරන්
පනින විට ලස්සනයි නුඹ සිතුවාද........




පළාතම දෙදරමින්
ඳේානා හඬ නගන නුඹ
සිතුවාද මගෙ සවනට එය 
කන්කළු වේ යැයි අද....

කියන් සබඳ
නුඹෙ සිසිල් සුසුම් රළ
මා ගත පුබුදුවාලයි සිතුවේ කෙලෙස
වියරු වූයේ කෙලෙස නුඹ සැහැසි වී මෙලෙස


.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.

21 comments:

  1. යක්ෂයාත් දෙවියාත් දෙදෙනාම සැම තැනම සැම පුද්ගයකු තු්ලම ඇත; අගෙයි කාව්‍ය.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් හරියටම හරි නලින් අයියා.

      මං ලියපු කවි වලින් මෙලෝ පද ගැලපීමක් නැති කවියක් මේක. දාම්දෝ නොදාම්දෝ කියලා හිත හිතා ඉඳල තමයි දැම්මේ. පොඩ්ඩක් බැනලා ගියානම් ඊළඟ එකවත් තව ටිකක් ලස්සනට දෙන්න තිබුණා. :)

      Delete
  2. අකමට දිය ඇලිත් එක්ක පුදුම සම්බන්ධයක් නෙ තියෙන්නේ.

    මේ පාර නම් පින්තූරේ නැතුවත් මට තේරුනා කතන්දරේ.

    දැන් ඇඟිල්ල හොඳැ ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඕක වේවැල්වත්තේ (රත්නපුරේ ඉඳන් 30) තියෙන අලුපොල ඇල්ලේ යටම කෑල්ල. ඒත් මේක ලියන්න අදහස ආවේ ඕලු ඇල්ල (යටියන්තොට ඉඳන් 16KM- අර මාරයා ගල් කොල්ලෝ බලන්න ගියේ) බලන්න ගිය වෙලාවේ.


      මම අර කලින් කිව්වේ ගිය මාසේ දවස් දහයක් ඇතුළත දුවපු දිවිල්ල ගැන. කිව්වට විශ්වාස කරන්න හෙන්රි අයියේ, ඔය දවස් දහය ඇතුළත අඩුම ගානේ දිය ඇලි පහක්වත් පාමුළට ගිහින් ඉඳලා තමයි ආවේ. යනගමන් බයික් එකේ ඉඳන් බලපු ගානනම් අටක්වත් වෙන්න ඇති. (පොඩිම ඒවා ඇරෙන්න.)

      අපිට කොයිද මූදු කිව්වලු. :D

      ඊයේ මැහුම් කපලා බෙහෙත් දාන එකත් නැවැත්තුවා. දැන්නම් හොඳයි. ස්තුතියි ඇහුවට.

      Delete
  3. පනින්න වගේ හදන්නෙ.. අනිත් අන්ඩත් කඩා ගනින්කො..

    ReplyDelete
    Replies
    1. ඔය පනින්නේ සෙන්නා පැය 24ම. :D

      දවසක් බස් එකේ එද්දී කොළ කෑල්ලක කලින් දවසක ආපු අදහසක් අකුරු කළා. දිය ඇලි කොමලිය පෙන්නන සුන්දරත්වයට යටින් ඇති දේ දකින කෙනෙක්ගේ අදහසක් විදියට.
      ඊට සතියකට විතර පස්සේ ඕක බලන්නැතුවම කෙටුවාම ලියවුණේ උඩින්ම තියෙන පේලි හතර.
      ඉතිං දෙපැත්තෙම අදහස් තියෙනවා. ඕන විදියකට හිතාගන්න එකයි ඇත්තේ. :D

      Delete
  4. මොකෑ බං අහල පහල තියෙන දිය ඇල්ලක් වත් තියෙන්න නොදී කයි කතන්දර හදන්නේ

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත දේශා, මේ යකාට ඔච්චර වෙලා බලන් ඉඳපු ඕකේ දිය කෙලපු එකියක් ගැනවත් දාන්න බැරි වෙලානේ. කුහක කම බං කුහක කම.

      ඇනෝ අකමා.

      Delete
    2. කයියක් කියන්න තියෙනවනම් ඕන රෙද්දක්. ඒක නෙවෙයි අදත් ඇනෝ මට ඉස්සර වෙලා නේද? ඌටත් ඕන්නැති රෙද්දක් නෑ. නෙහ්....

      Delete
  5. මන් ඉස්සෙල්ලම හිතුවා කවුරුහරි ඇල්ලෙන් පැනලා තමයි කියලා ..හේ හේ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කියන්නේ ඇස් දෙක පියාගෙන මොලෙන් බලන්න කියලා. :D

      එක නෙවෙයි, අද මං ඔයාගෙ ගේ ගාවින් ගියා....

      Delete
  6. ලංකාවෙ වැඩිම දිය ඇලි තියෙන පැත්තක් තමයි වේවැල්වත්ත පැත්ත.
    ලස්සනයි පද පේළිය. බස් එකේ යද්දි ලිවුවට කමක් නෑ ‍බයික් එකේ යද්දි ලියන්න යන්න එපා. :D

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයාගේ ගෙවල් පිටිපස්සේ තියෙන කඳු වැටියේ...... ආ ඒ දිය ඇලි පංතියේ මුල හොයාගෙන ගිය ගමන ගැනත් කියන්නම්කෝ....


      @ සහන්;

      කාට හරි කෝචෝක් එකක් දැක්කොත් මෙයත් එනව පැනගෙන.... :D
      (අපේ කැම්ප්ඩන් මාමා තරහා වෙලාද මන්දා... සද්දයක්වත් නෑ....)

      Delete
  7. මට නම් කවිය කියවද්දිම තේරුනා, කකුලත් නොන්ඩි ගහ ගහ දිය ඇලි අස්සේ රිංගල වැඩි කරගන්නවකො කකුල...

    ReplyDelete
    Replies
    1. ඔයා හපනා.... :D
      දැන් ඉතිං මං කියන්න ඕනි "හොඳමයි මගේ දුවේ" කියලද, "හොඳමයි මගේ පැහිච්චි ආච්චියෙ" කියලද?

      මේක මාස එකහමාරකට කලින් රිංගපු තැනක් ලොකු අම්මේ.... බලන්න හෙන්රි අයියට දීපු රිප්ලයි එක.

      Delete
  8. මේ දියඇල්ල මොකක්ද හැබෑටම...හරිම ලස්සනයි...කොහෙද තියෙන්නෙ...

    කවියෙ පළමු පද පෙල කියවද්දිම මට හැගී ගියා මේ නම් දියඇල්ලක් තමයි කියලා...

    ReplyDelete
    Replies
    1. මේක අලුපොළ ඇල්ල. තියෙන්නේ රත්නපුර වේවැල්වත්ත හරහා බළන්ගොඩ පාරේ. වේවැල්වත්ත නගරයෙන් (28KM) කිලෝමීටර් හතරක් ගියාම හම්බ වෙන්නේ. දිය ඇලි ගැන පෝස්ට් එකක්ම දෙන්නම්කෝ... (පින්තූරෙ මෙච්චර ලස්සනයි කියලා මාත් දැක්කේ පස්සේ)

      සිරාගේ කනෙන් රිංගන්න අපිට පුළුවනෑ. සිරාලටනේ පුළුවන් ඕන එකෙක්ගේ කනෙන් රිංගලා විස්තර හොයාගන්න. :D

      Delete
  9. ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ වෙසඟක් වේවා!!!

    ReplyDelete
  10. මට එකපාරටම මතක්වුනේ, ඇනස්ලි මාලවනගේ,

    "නුඹට රිදෙයිනම් හෙමිහිට වැටියන් - දුන්හිඳ මනමාලී" කියන ගී පදය.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මං මාර ෆිට් එකේ හිටියේ මේ වගේ අදහසක් ආපු මුල්ම එකා මම වෙන්නැති කියලා. චැහ්:

      ස්තුතියි කමෙන්ට් එකට.

      Delete
    2. ඉතිං අනේ මේ ඒ සින්දුවේ කොපියක් නෙවෙයිනේ. අදහස ආසන්නයෙන් ගියත් මේ ඔබේ ස්වතන්ත්‍ර නිර්මාණයක්.

      Delete