මේ ලිපිය මීට මාස තුනකට පමණ පෙර ලියන්නට උත්සාහ කළ එකක් බව කරුණාවෙන් සලකන්න.
කවුරු
හරි මුදලක් වියදම් කරලා හරි ණය වෙලා හරි අළුතින් භාණ්ඩයක් ගන්නෙ බලාපොරොත්තු ගොඩක්
හිතේ හිරකරගෙන. ඒත් තමන් කාලයක් භාවිතා කරපු දෙයක් කැඩුනොත්.... තමන්ගෙ වැඩ කටයුතු
කරගන්න බැරි වෙන හින්දා ඒ වගේම මුදලක් වැය වෙන හින්දා වගේ හේතු නිසා අර මනුස්සයා එන්නේ මළ අතේ
තියාගෙන. මුල් අවස්ථාවේදී හිනාවෙලා සන්තෝෂයෙන් යන කෙනා එතකොට 100%ක් වෙනස්. ඉතින්
ඉංජිනියරින් සෙට් එකේ ඉන්න අපි ඒ එන අයට සෑර් බෑර් කියලා, මහත්තයා කියලා කොහොම හරි
ශේප් කර ගන්නවා. ඔය එන කවුරුවත් ඒ වෙලාවට සෙකන්ඩ් වෙන්න, ඒ කියන්නේ මල්ලිලා වෙන්න
කැමති නෑ. ඉතින් ඔය වෙලාවට ආයේ කිසි දෙයක් ගැන හිතන්නැතුව ඉහ නිකට පැහිච්ච කෙනෙකුට
උණත් “අයියා” කියලා කියන්න දෙපාරක් හිතන්න ඕනි නෑ. අනික ඔය මිනිස්සු කටේ එක
දතක්වත් නැති උණත් “අංකල්”ලා වෙන්න කැමතිත් නෑ.
හැබැයි
මං ඔය කියපු කාරනාව හැමෝටම අදාළ නෑ. අපේ කස්ටමර්ස්ලා ගොඩක් වෙලාවට සාමාන්‍ය අය
නෙවෙයි. කම්පැනි, ෆැක්ට්‍රි අයිති අය. එහෙමත් නැත්නම් හොඳ බිස්නස් කරන උදවිය.
ගොඩක් වෙලාවට ඒකෙ පර්චසින් එකේ ඉන්න හරි IT සෙක්ෂන්
එකේ හරි ඉන්න ලෝකෙ කාපු ඇම්බැට්ටයෝ තමයි එන්නේ. ඔය වෙලාවට “අයියා” ගොඩක් පිහිට
වෙනවා.
කවුරු
හරි ඔය වගේ කෙනෙක් ඇවිත් “මල්ලි” කියලා අපිත් එක්ක කතා කලොත් මිනිහා යනකන් ඉන්නෙ
හිර කරන් ඉන්න හිනාව එළියට දාන්න.
“අන්න
උඹේ පොඩි අයියා යනවා”
“උඹේ
ලොකු අයියගෙ වයස කීයද බං?”
නෝන්ඩි
ලෝකයයි.
ඉස්සර
ඉඳන් අපේ කුලී වැඩක් එහෙම කර ගන්න වෙලාවට කතා කරන මනුස්සයෙක් හිටියා. “දාස අංකල්”
කියලා තමයි අපි එයාට කියන්නේ. අයියගෙ ගේ හදන්න ගත්තේ දැන් අවුරුදු කීපෙකට
ඉස්සෙල්ලා. ඕකෙ බාසුන්නැහැ ගමේ කෙනෙක්. අපි කියන්නේ “කමල් අයියා” කියලා. ඔය කමල්
අයියා එයාගෙ ගෝලයා වෙච්ච දාස අංකල්ට කියන්නේ “අයියා” කියලා.
ඉතිං දාස
අංකල් එයාගේ ගණිත හැකියාව මනාව පිළිඹිඹු කරලා පට ගාලා බරපතල සමීකරණයක් විසඳුවා.
"අපි
අයියා කියලා කතා කරන බාස්, එයාට අයියා කියනවනම් අපි එයාගෙ මල්ලිලා වෙන්න එපැයි."
එයා
මට මල්ලි කියන එක ක්ලික් වෙන්නත් මට දවස් දෙක තුනක් ගියා. හැබැයි එයා කොච්චර මල්ලි
කිව්වත් මට තාමත් කියවෙන්නේ අංකල් කියලා.
ආ....
මට දැන් මතක් උනේ. අපේ තාත්තා ගණන් වලට කොච්චර දුර්වලද කියලා.තාත්තගේ බාප්පගෙ පුතා
මට වඩා වැඩිමල් වෙන්නෙ අවුරුදු පහකින් විතර. ඉතින් එයා මට අයියා වෙනකොට එයා තාත්තට
කියන්නේ අයියා කියල නෙව.
කොච්චර
පණ්ඩිත කම් කියෙව්වත් මටත් ඔය අන්කලුයි අයියයි වෙන් වෙන සීමාව තාමත් හිතාගන්න බෑ.
මූණ බලලා කියන්න ගියත් කෙලවෙනවා. ඉස්සර ඉඳන්ම අපේ ගමේ අයියා කෙනෙකුට අයියා කියද්දී
හුචක්කුවක් එල්ලගෙන ඉන්න එයාගෙ වයිෆ්ට ඇන්ටි කියන්න හුරුවෙලා හිටියේ හිතලනම්
නෙවෙයි.මග තොටදී උණත් වෙන වෙනම හම්බවෙන නිසා කිසිම අතුරු ආන්තරාවක් වෙලා නෑ. ඒත්
දැනට අවුරුදු එක හමාරකට විතර කලින් ඒ දෙන්නා කඩයක් දැම්මා. ඔන්න එතකොට තමා වචනේ
වැරැද්ද තේරුණේ. ඒකෙ රියැක්ෂන් එක කොච්චර බරපතලද කියනවනම් අයියා “පුතා” කියන්නත්
ඇන්ටි “මල්ලි” කියන්නත් එක පාරට පටන් ගත්තා.
ඔය
අව් අස්සෙ අයියා කියා කියා හිටපු එකෙක් අපේ ගෙදර ආවා. මූණ බැලුවත් මං හරි කියලම
තමයි හිතුනේ. (කළුවරේනේ දැක්කෙත්)
ඒත්
අන්තිමේදී,
“උඹ
මොන අවුරුද්දෙද?”
ආයේ
ඉතින් ඇඹරි ඇඹරි ඉන්න දෙයක්යැ. දුන්න “ඩෝං" ගාලා උත්තරේ.
එතකොට
ඇස් දෙක නළලේ තියා ගත්ත මේකා ප්‍රියම්බිකාවට කියපි,
“එතකොට
මං පත්වීමත් අරගෙන. නේද මෙයා....”
මේ
ලෝකෙ හරි කූරයි මෙයා. දෙව්දත්තරටත් පොළොව පලාගෙන යන්න චෑන්ස් එකක් දුන්නට මට
එහෙමවත් එකක් දුන්නෑනේ. :-(
හෙහ්.... අනේ බොල.. උඹල පොඩි උන් වෙන්න හදන එක වරදක් නෑ බලන් ගියාමා.. අයියා අකමා...නෑ නෑ මල්ලි අකමා
ReplyDeleteපොඩි එකා පොඩි එකා විදියට තමයි බොල ඉන්න ඕනි. දැන් බලන්න අපේ මනුස්සකමට අයියා අයියා කියලා කියන්න ගියාම ඔක්කොම එනවනේ බබාලා වෙන්න. දැන් ඉතින් හුරතල් කරලා හරියන්නෑ. නැද්ද දේශ් අංකල් මං අහන්නෙ.
Deleteදැං ඉන්න උංගෙ මූණ බලල වයස කියන්න බෑ අකමො.
ReplyDeleteඅනේද කියන්නෙ. කොරන්න තියෙන ඔක්කොම වැඩ කරලා, ලෝකේ තියෙන ඔක්කොම ජාති මූණෙ උලලා, එල්ලගන්න තියෙන ඔක්කොම සුකුරුත්තන් එල්ලගෙන පද්ද පද්ද එනකොට කොහොමද දෙයියනේ අඳුර ගන්නෙ.
Deleteබොටත් වෙන වැඩ... මල්ලියෝ ඔව්වා එච්චර හිතන්න එපා..
ReplyDelete(උඹ මට වඩා වැඩිමල් නේද??)
ඒක තමා අයියේ... අපි සැලෙයි ඔව්වට.
Delete.....//(උඹ මට වඩා වැඩිමල් නේද??)//.....
බෑ අප්පා මේක කරන්න. මිනිහෙකුගේ සිතීමේ නිදහස උණත් සීමා කොරන්න කියලා රට කොරවන උත්තමයන්ට කියන්න ඕනි.
මගෙත් නැන්දගේ පුතාලා 3 දෙනාම මගේ අම්මටයි තාත්තටයි කතා කරන්නෙ, අයියයි අක්කයි කියල.. ඉතින් කොහොමද බලපන්කෝ මස්සිනාල කියල අපි ලයින් එකක්වත් දාන්නෙ?(නොදැම්මත් නෙමෙයි )
ReplyDeleteමට හිතෙන්නෙ ඔයත් මට වඩා පොඩි අකමා මල්ලි...
මේක බලපිය
http://nadiniabenayaka.blogspot.ae/2013/03/3.html#comment-form
අපේ පැත්තෙ කෙල්ලෙක් හිටියා. එයා එයාගෙ අම්මට කතා කරන්නෙ අක්කා කියලා. මට අන්තිමට හම්බ වෙනකොට ඕ ලෙවල් වල හිටියේ. ඒ දවස් වලත් එයාට ඒ පුරුද්ද ඇත ඇරගන්න බැරුව හිටියේ.
Deleteමල්ලිලාලු අක්කලගෙ කනෙන් රිංගන්නෙ. හෙක් හෙක්...
ඒක නම් ඇත්ත මේ ලෝකේ හරි කුරුරිය තමා මං තරුවා පොඩි එකාටත් ඒක තේරිලා තියෙන්නෙ...
ReplyDeleteඔව් බං තරු පොඩි එකාටත් තේරුණු දේ උගේ තාත්තා වෙච්ච තරුවටවත් නොතෙරිච්ච එකනේ අවුල.
Deleteමං නං කට පුරා අයියා කියනවා බැඳලා නැත්තම්.. බැඳලා නම් ඉතිං 40 පැනලා වගේ නම් අන්කල් කියනවා... හි හි... ( හැබැයි ළඟදිම 40 - 50 කරන්න වෙයි වගේ... හි හි) ඕක තෝරගන්න හරි අමාරු වැඩක් තමයි අප්පා.... අවුරදු 20 ගනන් වලම ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි....
ReplyDeleteඉක්මනට ඒක 50 කරලා මට අයියෙ කියහන් බන් !
Deleteපැන්ෂන් යන වයස, වැඩිහිටියෙක් වෙන (18+) දවස වගේ අයියා අංකල් වෙන සීමාවටත් නීතියක් දැම්මනම් ඔය මෙලෝ වදයක් නෑනේ.
Delete....//40 පැනලා වගේ නම් අන්කල් කියනවා.//....
යකෝ උඹට වඩා අවුරුදු දෙක තුනක් වැඩි යටත් අංකල් කියනවද? හි හි හි
@වෙනී,
Deleteඑක්කෝ ඕන්නෑ වෙනී අයියේ. අපි බලන් ඉමු ටික දවසක් මේකි 40+ අයට අංකල් කියන්නයි 5- අයට මල්ලි කියන්නයි අරං අපි හිනා වුනා වගේ අන්ඩර් ෆයිව් එවුන්ගෙන් නෝන්ඩි වෙන හැටි බලන්න.
වෙනි අන්කල්ගේ නම් මූණ බලලාමනේ අන්කල් කියන්න ගත්තේ..ඒක අවුලක් නෑ.. හි හි
Deleteඔය කෙස්සක් දෙකක් සුදුවෙලා තියෙන්නේ පීනසට හිරුවෝ. මූණනම් ටිකක් අඤකොරොස් තමා. ඒත් කොහොමෙයි අප්පා ඒක දිහා බලාන අංකල් කියන්නේ...
Delete(
@වෙනී:
මං එක දවසකුත් කිව්වා වෙනී අයියට බ්ලැක් හෙනා ටිකක් රැවුලෙයි, කොන්ඩෙයි ගාගෙන ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ටිකක් මූණෙ උලා ගන්නෙයි කියලා. කිව්වට අහන්නැතුව කෙල්ලෝ හම්බ වෙන්න ගියානම් නාගන්න ඒකයි තියෙන්නේ..)
අපොයි... ඔය ප්‍රශ්නේ තියෙනවා තමා ගොඩක් අයට.... නෑදෑ කමට සමහර වෙලාවට අපිට වඩා පොඩි එවුන් අපේ නැන්දලා මාමාල වෙන්නේ. ඒත් ඉතිං එහෙම කතා කරන්න පුලුවනෑ... ඒ නිසා නංගි මල්ලි කියනවා. තවත් සමහරු අපිට වඩා හෙන වයසයි. ඒත් අපි අක්කේ අයියේ කියල කියන්නේ.
ReplyDeleteඅපේ ගෙවල් ලගත් ජෝඩුවක් ඉන්නවා. ගෑනු කෙනා මට නංගි කියන නිසා මං අක්ක කියනව. ඒ අක්ක අපේ අම්මට කියන්නේ අක්ක කියල.හික්...එයාගේ හස්බන්ඩ්ට මං අමන්ත්‍රණයක් නැතුව කතා කරන්නේ. මොකද එයා අංකල් කෙනෙක් කියල හොදටම පේන නිසා. එයාලගේ දුව මට අක්කා කියන්නේ. මං එයාට නංගි කියන්නේ. මට වඩා අවුරුදු කීපයයි බාල එයා ඒ නිසා....හික්.....
ඇත්ත තමයි සමනළියේ, මාත් සමහර වෙලාවට ආමන්ත්‍රණයක් නැතුව තමයි කතා කරන්නේ. ඔය සීමාව මේකයි කියලා කාට හරි පෙන්නන්න පුළුවන්නම්....
Deleteහි හි හී..පව් අකම් " මල්ලි " ගණන් ගන්න එපා අනේ..
ReplyDeleteඅනේ නෑ ලිහිණි ඇන්ටි මං ඔව්වා ගණන් ගන්නෑ. (මොකද මං අකවුන්ට්ස් දන්නෑනේ)
Deleteඔව්ව ඔහොම තමයි අකං මල්ලි.....
ReplyDeleteයා යා නලින් අයියා.
Deleteඅපේ අල්ලපු ගෙදර අයියට අපේ නැඟී කෙනෙක් අංකල් කියලා පොර ඒකිට ඇන්ටි කියලා කිව්වා නෙව.. :D
අකමා මල්ලි ඔයින් ගියා මදැයි..නේද ?
ReplyDeleteස්සූ..... වෙලාවට එහෙම උණේ.
Deleteබලන්නකෝ වෙනී අයියේ මේ වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න එව්වොත් මට මල්ලි කියනවානේ. අංකල් අයියලා...
හප්පා රෙදි :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හා හා රාජ සළු පිළි කොල්ලො රාජ සළු පිළි.
DeleteDude:
ReplyDeleteඅර අන්තිමට කියන පොර කවුද දන්නෙ නෑ නේද?
අකමා දන්නවද මගේ මාමණ්ඩියා එයට වඩා වැඩිමල් බුවාලට කියන්නෙත් පුතා. සමහර වෙලාවට ඔය පෙට්‍රල් ෂෙඩ් වල හෙම ඉන්න බුවාලට වයස මොක වුනත් පුතා ගහන්නකො ලීටර් මෙච්චරක් කියනවා. මාමණඩියා කියන්නෙ එතකොට ඔය සීමා මායිම් නෑනෙ, හිත රිදෙන්නෙත් නෑ. වැඩෙත් ගොඩ කියලා.
ඔය අයියා, අංකල් සංකල්පය ඇත්තෙන්ම තියෙන්නෙ ඔය ආසියාවේ අපේ කලාපයේ රටවල් කීපයක විතරයි මම දැනුවත්ව. ලංකාවේ ඉන්දියාවෙ පාකිස්තානයෙ නම් අනිවාර්යයෙන්ම තියෙනවා පවුලේ නොවන වැඩි හිටියන්ට අංකල් කියන සිරිත. මාල දිවයිනේ නෑ. අනිත් හුඟක් රටවල නම කියලා කතාකරන්නෙ. නැතිනම් මිස්ට, එහෙම කියන්න ඕනෙම නම්. කලු ජාතිකයෝ බ්‍රෝ කියලා කියනවා තම තමන් අතරේ විතරක්. සමහර විට නිගා, ඩෝග් කියලත් කියනවා. නමුත් බලු ඩෝග් නෙවෙයි. dawg.
අපේ ගේ ලඟ කඩේ ගිටියා නැන්දයි දුවයි. හැමෝම නැන්දට අක්කා කියනවාම් දුවට නංගි කියනවා. අක්කට අක්කා කියන අය හුඟ දෙනෙක් අක්කට වඩා අවුරුදු 15 - 20 වැඩිමල්.
අර පොර කවුද දන්නෙ නෑ නේ? කලුවට හුරු...
වෙන කවුද...?.... :D
Deleteපුතා තියරියනම් මාරයි. ටිකක් අත්හදා බලන්න ඕනි.
Deleteඔය අයියා, මාමා සංකල්පය හින්දා මිනිස්සු කොච්චර ළං වෙලාද සුන්දර වෙලාද කියලා හිතෙනවා ඔව්වා දැක්කම. ෆිල්ම්ස් බලද්දී තාත්තගේ යාලුවටත් නම කියලා කතා කරනවා ඇහෙද්දි පොඩ්ඩක් අවුල් වගේ. අර සුහදත්වය, සොඳුරු බව, වැඩිහිටියන්ට ගරු කිරීම වගේ අපිට හුරු එව්වා නැතිකොට.
හැබැයි අයියා මාමා සංකල්පය ගැන ඔයාගෙ මතය සමහරවිට වෙනස් කියලත් මට හිතෙනවා.
.....//අක්කට අක්කා කියන අය හුඟ දෙනෙක් අක්කට වඩා අවුරුදු 15 - 20 වැඩිමල්.//....
ඇයි හිච්චි පුතා. අපේ පැත්තෙ පුතා කියලා කොල්ලෙකුත් ඉන්නවා.
------
අද මං ෂොපින් පාරක් දැම්මා රෙදි කඩවල් ටිකක. ඒවයේ තියෙනවා කිව්වට විශ්වාස කරන්න හෙන්රි අයියේ, නා නා ප්‍රකාර හිස් වැසුම්. අර අපි තොප්පි කියලා කියන්නේ. ඕන පාටකින්. ඕන හැඩේකින්. පුදුමේ කියන්නේ තමන්ගේ ඔලුවට හරියන සයිස් එකෙනුත් තියෙනවා නෙව.
ඔය පේන්නැද්ද සුමිත් අයියලා, හැලපඅයියලා එහෙමත් ඔය දාගෙන ඉන්නේ. :D
@ සුමිත් අයියා:
Deleteඒ වෙන කවුද කෙනෙක්...
සමහරු වෙනියට අංකල් කියනවා, එයාලම මට අයියා කියනවා...හැබැයි වෙනියා මටත් වඩා අවුරුදු දෙකක් බාලයි. කොටින්ම කියනවනම් මටත් වඩා අවුරුදු දෙකක් තුනක් වැඩිමහල් නලිය ත් වෙනියට කියන්නෙ අයිය කියලා...
ReplyDeleteවෙනිය පවු නේද...?
හැසිරීමෙන් තාරුණ්‍යට වඩාත් ළග පුද්ගලයා වයසින් වැඩි වුනත් තරුණයන් ට අයියම තමයි. ගැහැණු ඉක්මනින්ම මැන්ටලීකරණය වෙන නිසා "අයිය" ගෙ නෝනා "ඇන්ටි" විය හැකියි.
මන් හිතුවෙ අපි දෙන්නා එක වයසෙ කියලා සුමිත් අයියෙ ! අර මරණය යන ට්‍රිප් වලට ඌ මාව ඇද ගෙන යන්න මනාපයි කියලා කියන්නෙ..හැමෝම ඌට අයියා අයියා..වැඩිහිටියා කියලා කියන එක නැති කර ගන්නයි කියලා ඌම කීවා එදා අම්පාර යන ගමනෙදි...
Deleteසුමිත් අයියේ, ඔය වෙනියා ඉන්නවා නේද? ඔය මනුස්සයා ඉල්ලං නාකි වෙන්නනේ දඟලන්නේ. අතන මෙතන දාපු වයසවල් දැකලා මාත් මේ කම්පනා කර කර ඉන්නේ තව දුරටත් අයියා කියනවද, අංකල් කියලම කියනවද කියලා. :D
Delete....//හැසිරීමෙන් තාරුණ්‍යට වඩාත් ළග පුද්ගලයා වයසින් වැඩි වුනත් තරුණයන් ට අයියම තමයි.//...
තරුණ අයියා කෙනෙක්ගෙන් තරුණ මල්ලිලාට...
(පොඩි විහිළුවක් ඈ...)
-------------
තරුණයන් අතරේ තරුණ වෙසින්ම(සිතින්) ඉන්න වැඩිමහල් අයත් ඉන්නවා. කවදාවත් වයසට නොයන අය.වැලන්ටයින් පූජකතුමා උණත් එක උදාහරණයක්.
පොඩි අය අතරේ හැමදාම පොඩි උන් විදියට ඉන්න අයත් ඉන්නේ. සිබිල් නැන්දා, ටයි මාමා, අතුල රන්සිලිලාල් මාමා වගේ අය.
....//ගැහැණු ඉක්මනින්ම මැන්ටලීකරණය වෙන නිසා "අයිය" ගෙ නෝනා "ඇන්ටි" විය හැකියි.//....
මේකනම් ගොඩක් වෙලාවට ඇත්තම තමයි.
@ වෙනී අයියා:
Deleteඅන්න සයි ඕප්ස් එකක්. මගේ මරණේගෙන්...
මචං වෙනී, මම උඹට අයියා කියන්නද?
Deleteවෙනී අයියේ, මෙන්න බබෙක් ඇවිල්ලෝ......
Delete@ all:
ReplyDeleteරිප්ලයි කරන්න හවසටම එන්නම්. රෑට එන්ඩෝ....
AKM
හා. ඔන්න ආවා.
Deleteඅනේ මන්ද බං ඔය අංකල්/අයියා සීන්.
ReplyDeleteඅපෙ කඩේට එන බුවෙක්ට මම අයිය කියනවා. ඌ අපෙ අම්මට අක්කා කියනවා.
එතකොට ඌට මම මල්ලි, අපෙ අම්ම උගෙ අක්ක.
මල පනින්නෙ නැද්ද බං මේවට ?
උඹට අවුරුදු දහයක් බාල එකාට උඹ මල්ලි කියන්නැද්ද? එතකොට උඹට අවුරුදු දහයක් දොළහක් වැඩි එකීට උඹ අක්කා කියන්නැද්ද? හා.. දැන් ඉතින් කියහන් බලන්න ඒ අක්කගේ පුතා ඌනං ඌටයි ඒ අක්කටයි උඹත් එක්ක මළ පනින එක සාධාරණද කියලා.
Deleteඔය කිව්වට ඉස්සර අම්මයි මායිත් ඔහොම සීන් එහෙකට හිනාවෙලා තියෙනවා.
අපි පොඩි කාලේ ඉඳලම ආශ්‍රය කරපු පවුලක් හිටියා. ඒ ගෙදරත් ඉන්නේ අයියයි අක්කයි උන්ගේ පුත්තු උණු මල්ලිලා දෙන්නයි විතරයි.
ඔය කතන්දරේ මටත් ඇතිවෙන්න වෙලා තියනවා ...දැන් ඉන්න අයගේ මුණ බලල වයස කියන්නත් අමාරුයි අනේ
ReplyDeleteඒක තමයි අනේ. වයසට යනකොට මේකප් තට්ටුවක් උලා ගන්නවා නෙව....
Deleteමොකෝ අරෙහේ මකුළු දැල් කඩන්න අදහසක් නැද්ද?
අංකල් අකමාද ? අයියා අකමාද ? මොන අවුරුද්දෙද බං ඇත්තටම ?
ReplyDeleteමේ යසිත් අයියේ, බලාගෙන ඉන්නවා මං මේකට උත්තරයක් දෙනකං. හුහ්.. අර එකෙකුට වයස කියලා වෙච්ච හරිය මදැයි. හිතුවද ආයේ කෙලෝ ගනියි කියලා. එව්වා සුම්මා. ඇන ගත්තත් එක පාරයි.
Delete:D
මර ප්‍රශ්නේ කියන්නේ සමහර වයසක අයට අංකල් කිවුවාම මල පනිනවා. දවසක් මට කිවුවානේ අංකල් කියන්න එපා මම තවම බැඳලත් නැහැ කියල.එතකොට මට 20 අර මනුස්සයට 45ක් වගේ.
ReplyDeleteබහුතරය ඔහොම්මම තමයි. ඒත් ඔය අතර නිහතමානී අයත් ඉන්නවා. නැත්නම් මට අර අන්තිමට කිව්ව නෝන්ඩිය වැටෙන්නෑනේ.
Deleteගුරුවරු වගේ සමාජයේ මුදු මොලොක් පැත්ත එක්ක ගැටෙන අය ඔහොම නිහතමානී වෙනකොට, කම්කරුවන්, රියැදුරන්, පොලිස් නිල දරුවන් වගේ දැඩිව සමාජය හා ගැටෙන අයගේ අදහස් ඊට ප්‍රතිවිරුද්ධයි.
හිතට එකඟව අවංකව ඇත්තක් කියන්නද? කවදාහරි දවසක ඔබටත් මටත් කවුරුහරි කෙනෙක් මහ පාරේදී, කඩ පිලේදී, බස් එකේ හෝ කෝච්චියේදී, 'අංකල්' කියලා කතා කරනවා. එදාට එකවරම කෙන්තියකුත් දුකකුත් ඇතිවෙනවා. නමුත් යථාර්ථය ඒ වනවිට ඇත්තටම ඔබ අංකල් කිවයුතු වයසේ තමයි ඉන්නේ. මට නම් දැන් සීයේ කියන පරපුරකුත් ඉන්නවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
කොච්චර පොර ටෝක් දුන්නත් මාත් ඔහොම්මම තමයි :D
Deleteගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්දට ආපු කෙනෙක් එයාගේ අවු.5ක් විතර පොඩි එකාට ගෙදර කට්ටියම ඉස්සරහා කිව්වා "පුතේ මේ මාමටත් වඳින්න" කියලා. ඒ වෙලාවේ ඔය හැඟීමම මටත් ආවා. ඒත් කල්පනා කරලා බලද්දී මං ඊට සුදුසු වයසේ. මගේ සමහර යාලුවන්ට ඔය වයසේ ළමයිනුත් ඉන්නවා.
එදානම් මං ආයෙත් මේ ලෝකෙට පය ගහපු දවසක්. හරියට අර සුදු නරකෙසක් දැකපු රජතුමා වගේ.
බොහොම ස්තුතියි අවන්කවම අදහසක් පල කළාට.
මටනම් තාම කවුරුත් සියා නැහැ, අංකල් පාර නම් ලොරි පිටින් ලැබෙනවා.
ReplyDeleteමං පොඩි ප්‍රශ්ණයක් අහන්නද?
Deleteමුලින්ම අංකල් පාර ඇහෙනකොට මොකක්ද හිතුනේ?
සීයා කැමතිනම් උත්තරේ දෙන්නකෝ...
(ඔන්න කවුරුවත් නොකිව්ව එකේ මංම පටන් ගත්තා.. :D)
එච්චර දෙයක් හිතුනේ නැහැ කොල්ලෝ, අපේ ලොකු කොලුවා ඉස්කෝලේ දාපු අලුතම උන්ගේ පන්තියේ උන් තමයි මුලින්ම අන්කල් කිවේ.
Deleteසියා කියපු එකත් එච්ච්රම් ගානක් නැහැ වගේ.
ලෝ දහම දන්නවනම් ඒක තමයි ජීවිතයේ ලබන ලොකුම ජයග්‍රහණය.
Delete