සීයයි සීයයි සීයාට සීයයි
සීයගෙ සීයත්, සීයම ගැහුවයි
සිව්දෙස සීපද සීයට මතකෙයි?
සීයක් කිව්වොත් සීයට සීයයි
මෙන්න තව එකක්......
පාප්ප අරගෙන බාප්පා ආවයි
පප්පගෙ රූපේ තාප්පෙ ඇලෙව්වයි
"හප්පා" කිය කිය පොඩ්ඩා නැලෙව්වයි
පීප්පෙ ඉඳගෙන ආප්ප කැව්වයි
අඩේ උඹට වයස සීයක් උනාද බං අකමා.. :P
ReplyDeleteපේන විදිහට නම් සීයාගේ උපන් දිනේ වගේ.. එහෙම නම් සුබ උපන් දිනයක් වේවා..!
මං මගේ සීයලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඇහැට දැකලා නෑ චන්දනයෝ.. හෙහ් හෙහ් හෙහ්......
Deleteමං විචාරක මහත්මයාගේ කමෙන්ටුවක දාපු සීයේ කතාවකට ඔහුත් විහිළුවෙන්ම පිළිතුරක් දීලා තිබුණා. ඊයේ උදේ ඔය වචන හරඹේ මතක් වෙච්ච වෙලාවේ නිකන්ම හිතට ආපු දෙයක් කොලේක ලියා ගත්තා. එච්චරයි බං.
සීයාට සීයද ඈ ?? එහෙමනම් සීයට සුබ උපන් දිනයක් කිව්වා !!
ReplyDeleteඅපේ සීයාත්, සීයට ලඟයි..
සෙන්නගේ සීයට, සීයට එකසිය විස්සක්ම ආවඩා ආයුබෝවේවා! කියලා ප්‍රාර්ථනා කරන්නම්කෝ.
Deleteඊයේ පොඩි ගමනක් ගිහින් රෑ ආවෙ. ඒ ගැන පෝස්ට් එකක් ලියන්න හිටියත් නිදිමත ඉස්සර උණා. ඉතිං උදේ මං ලියපු කවි දෙකක් කිසිම එඩිට් කිරීමකින් තොරවම කණ සාක්කුවේ දාගෙනම කෙටුවා. :D
සීයට නිදුක් නිරෝගී සුව සමඟ ලබන සුබම සුබ සියවෙනි උපන්දිනක්..!!!
ReplyDeleteමං උපන් දින දෙක තුනකටම පෝස්ට් දාපු නිසා මේකත් ඒ කුලකයටම අයිති වෙලා වගේ. :P
Deleteඊයෙ රෑ උණු හින්දා වැඩි වැල් වටාරමක් එල්ලන්න ගියේ නෑ.
තේරුනේ නැ බං අකම්
ReplyDeleteඅන්න නලින් අයියා වෙනස් කෝනෙකින් බලලා වගේ. නන්දා මාලනීගේ "නෝනා නාන්නනං නාන්න නෝනා" සින්දුව මතකයිනේ. මේ කයි දෙකත් වචන හරඹයක් විතරයි. එක වගේ වචන ගොඩක්.
DeleteOur Hundred is yellow yellow sleeping on the donkey bed.
ReplyDelete(අපේ සීයා කහ කහ බූරු ඇඳේ නිදි.)
AKM සීයාට සීයයි කියලා කියනවාම නම් අපේ උණුසුම් සුභ පැතුම්!
නමුත් මට නම් ගැනුනේ හතලිස් හයයි.
මොන සීය ගැනද උඹ මේ කියන්නෙ?
උඹ 2012දි, 33යි 2013දි 13 යි.
(හක්කේ පුවක් ගෙඩියක් රුවා ගනිමින්) හොඳා හොඳා කොළුවො, බොට පිංසිද්ධ වෙච්චාවේ.
Deleteඇයි? ඩ්‍රාෆ්ට් එකේ දහතුන. ආ... ඒවා පේන්නෑනේ...
----
මරු කමෙන්ට් එක හෙන්රි අයියේ..... හෙහ් හෙහ් හෙහ්...
මටනම් කවි සිතුවිලි එන්නේ සැන්දෑ සාදයකින් පසු හෙමින් ධාවනය වන වාහනයක එනකොටයි. ඔයත් එහෙමද මේ කවි ලිව්වේ? :D
ReplyDeleteහදිස්සියෙන් ලියන කවි වල යතාර්ථය තියනවා කියලා පැරණි ලිපියක කියවලා තියනවා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
මේකනම් ලියවුනේ තද නින්දකින් පස්සේ... :D
Deleteහැබැයි අර ක්‍රමේත් සාර්ථක බව හොඳටම දන්නවා.... :D
හදිස්සියෙන් ලියන ඒවයින් එලියට දාන්නේ හිතට එන දේවල්නේ. පාටියකින් පස්සෙත් එහෙමනේ.
තේරුන් නැ
ReplyDeleteඅඩේ මේක සම්භාව්‍යද? :D
Deleteඑක වගේ වචන සෙට් එකක් එහාට මෙහාට ඇඹරුවා. අපි සම්භාව්‍ය නෙවෙයිනේ ඇටම් බර හෑලි ලියන්න. :D
හුටා... සීයා සීය ගැහුවයි
ReplyDeleteඅනුමානය සීයට සීයක් අසාර්ථකයි...
Deleteහරි හරි..සීයට සීයයි නම් අපෙන් සුබ පැතුම් !
ReplyDelete( කොහොමත් උඹ විකාර පෝස්ටුනෙ ලියන්නෙ මේ දවස්වල. අපි නිකම් මඤ්ඤං වෙනවා )
මං මේ චෙකප් එකක් දාගන්න ඕනි කියලා හිත හිතා ඉන්නේ. අහල පහල ඉන්න උනුත් කිව්වා ඕක. අතුරුදන් උනොත් ඉස්පිරිතාලෙට එන්නකෝ.....
Delete(හැබැයි අර ලියන්නා කියනවා වගේ ඇඳට තියලා බැඳලා තියෙයිද දන්නෑ. එහෙම උනොත් ගැටෙත් ලිහලා යන්න ඈ...)
ආ අකමගෙ බාප්ප පාප්ප අරගෙන ආවද?
ReplyDeleteඅයියෝ.... අච්චර වයින් පීප්පයක් ගැන කිව්වා. මෙයා මේ පාප්ප බාල්දියක් උස්සගෙන... :P
Deleteඋඩ තිබ්බ ඔයාගේ කමෙන්ටු දැක්ක හින්දා හිතා ගත්තා වචන හරබයක් කියලා.
ReplyDeleteමුලින් හිතුවේ සියට සීයයි කියල....
සමනළ කන්දෙන් ආපු සමනළීට ලකුණු සීයෙන් සීයයි... (හැබැයි හින්ට් කියෝලා ගත්ත එව්වා හින්දා ගත්ත ලකුණු පොඩ්ඩක් අගයෙන් අඩුයි. :D)
Deleteබොට සීයක් උනාද ඈ
ReplyDeleteපල යකෝ යන්න... යසට ඉන්න කොල්ලා නාකි කොරන්න හදනවා මෙතන. හුහ්....
Deleteපද පෙරලියක් විතරයි නේද....
ReplyDeleteඒකනේ මාතලන්... සීරියස් පොස්ට් දාලා දාලා නිකන් එකක් දැම්මත් මෙයාලා සීරියස් විදියට හිතනවා.
Deleteහරියට අමරදේව මාස්ටර්ට වාතයක් පිට උනත් ඒක යැව්වේ සෘතියට කියලා තර්ක කරන පොරවල් වගේ.
මුලින් නම් හිතුනෙ අනේ වාසනාවන් කියල... බලන් ගියාම අකමටනෙ කියන්න වෙන්නෙ අනේ වාසනාවන් කියල..
ReplyDeleteඇති යන්තන් එහෙමවත් කිව්වා. පොල්ලක් අරන් එන්නැතුව. :D
Deleteඅද බං මං මේක දැක්කේ... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රාජ්ජෙ විචාරනකොට පොඩි පොඩි මිස්ටේක් වෙනවා නොවැ. දැන් බැලුවනේ....
Deleteයහපති! යහපති!!
කෝ තව එකක් නැද්ද ????
ReplyDeleteඑව්වා වානා. අන්තිමටම ඇවිල්ලා මෙතන.... හුහ්....
Delete