Saturday, February 9, 2013

මළ ගෙදර චාරිකාව


         මීගමුව ගුරු අභ්‍යාස විද්‍යාල සිසු සිසුවියන් උදෑසනම එකා වන්ව සූදානම් වූයේ තම සහෝදර සිසුවෙකුගේ පියාගේ අවමංගලෝත්සවයට සහභාගී වනු පිණිසය. ඒ 1980 වසර විය යුතුය. සූර්යයා අවදි වීමටත් පෙර පිණි පොද වැටෙන සීතලේ තමන් රැගෙන යාමට පැමිණි බස් රථය වෙත පිරිස ගොඩ වූයේ කලකින් නොගිය සුන්දර චාරිකාවක් බවටද චාරිකාව පත් කර ගැනීමේ අටියෙනි.

         සුවඳ හඳුන් කූරු දල්වා ඩෑෂ් බෝර්ඩ් එකෙහි ඇති සිදුරක ගසා තෙවරක් සුක්කානම වටා අත යවා වැඳ රියදුරු තෙමේ රථය පණ ගැන්වූයේ සැහැල්ලු සිතිනි. අද මෙන්ම එදාත් කොලු කෙල්ලන් කොලු කෙල්ලන්මය. සාධු කාරය වෙනුවට බසයේ හඬ පරදමින් ඇසුණේ විහිලු තහළුය. ගීතය. ඝන අඳුර මැදින් ඇද හැලෙන පින්න විනිවිද යාමට තැතනූ ප්‍රධාන විදුලි පහන් ආලෝකය සුළු දුරකින්ම පරාජය බාර ගත්තේය. පීඨ භූමියෙන් පිට වූ බස් රියට බාධාවකින් තොරව මාර්ගය දිගේ යාමට හැකි වූයේ සුළු දුරකි.

      “බරාස්” හඬින් බසයේ තිරිංග තද විය.

          බසයේ ඉදිරිපස රෝදයට යටවී ඒ වනවිටත් අවසන් හුස්ම පිට කර තිබූ කළු බළලාගේ ශරීරය ඉවතට ඇද දැමූ සිසුන් වාහනයේ ටයරයන්ට තබා දොස් යැවීම සඳහා රියදුරු විසින් බිත්තර ගෙන ඒමට සැදු යත්නයද වලකාලූයේ එය සමච්චලයටද භාජනය කරමිනි. තලතුනා රියදුරු කිසි කතාවකින් තොරව බැරෑරුම් පෙනුමක් මුහුණට ආරෝපණය කර ගනිමින් යලි ගමනාරම්භ කලේ විමසිලිමත් දෑසින් මාර්ගයටම දෑස යොමමිනි.

              උදෑසන කාලය නිමවීමට ආසන්නව තිබියදී දකුණු පළාතේ සුන්දර ගම්මානයක් අසලට පැමිණි බස් රිය නතර කලේ දැඩි වර්ෂාව මධ්‍යයේ යටවී තිබූ මාර්ගයේ තව දුරටත් ඉදිරියට යා නොහැකි බැවිනි. එතැන් පටන් පිරිසේ ගමන ගම්වැසි තරුණයන් විසින් සපයා දුන් අඟුල් ආධාරයෙනි. ඒ වන විටත් තමන් යන ගමන ගැන මොහොතකට අමතක කල පිරිස කලකින් ලද හෝ කිසි කලෙක නොලද ගංවතුරේ අඟුල් පැදීමේ ආශ්චර්යවත් අත්දැකීමට මුහුණ දෙමින් උන්හ. මළ ගෙදරට යාමට පැමිණි පිරිස විනෝද ගමනක් බවට පත් කරගත් එම ගමන ඇත්තටම සුන්දර එකක් විය.
මේ නම් පහුරක්...........

            අඟුල් අටකින් මළ ගෙදර පිහිටි ඉසව්වට පැමිණි ඔවුන් කඳු ගැටයක් මත පිහිටි මළ ගෙදරට සහභාගී වී සවස තුන පමණ වනවිට නැවත පැමිණීම සඳහා අඟුල් කරා ඇදෙන්නට වීය. ඒ වනවිට වැස්ස තුරල් කර තිබූ නමුදු ගඟ දියේනම් අඩුවක් නොවිණි.
             අඟුල් පෝලිම බසය පිහිටි ඉසව්ව කරා ඇදෙන්නට විය. ඒ විදුලි රැහැන් මග හරිමින් ජලයේ සැඩ තැන් මග හරිමිනි. පසු පසින්ම ඇදුනේ විසේකාර කොලු කෙල්ලන් පිරිසක් රැගත් ඊටම සරිලන අඟුල් පදවන්නෙකුත් සහිත අඟුලකී. අනෙක් අඟුල් වල සිටි තම නඩයට හූ තබමින් දඟලමින් ඔවුන් සිටි අඟුල ඉදිරියට ඇදුනේ අනෙක්වා පසු කරමින් වේගයෙනි. තුරු හිස් රැසකින් යුත් ගොමුවක් වටා වේගයෙන් වංගුවක් ගත් ඔවුන් නොපෙනී ගියහ. අනෙක්වා තම පාඩුවේ ඉදිරියට ඇදුණි.

              ගත වූයේ සුළු මොහොතකි. වේගයෙන් ඉදිරියට ගිය අඟුල නැවත ආපිට පැමිණියේ සියල්ලන්ම මවිත කරමිනි. එහි හුන් සියල්ලන්ම තෙත බරිත ඇඳුම් වලින් වෙලී සිටියාහ. එම අඟුලෙන් අතුරුදන් වූ සිසුවෙක් හා සිසුවියක් සොයමින් ඔවුන් නැවත මෙසේ පැමිණ ඇත. පිරිසේ විලාප හඬ පලාතම දෙදරුම් කවන්නට විය. ඒ වනවිටත් අඟුල් පැදවූ තරුණයන්ද අන්ද මන්ද වී සිටි හෙයින් ගමේ වැඩිහිටි පිරිසක් විසින් ජල තලය මත පාවෙමින් තිබූ අඟුල් සියල්ලම ගොඩ බිමක් වෙත ගෙන එන්නට කටයුතු ඉටු කලෝය.

                 අඳුර වැටී එන යාමයේදී අතුරුදන් වූ දෙදෙනා ගොඩට ගන්නට ගම් වැසියන්ට හැකි විය. විදුලි කණුවල රැහැන් පමණක් පෙනෙන්නට ජලයෙන් යටවී තිබූ ගම්මානයේ එක් විදුලි කණුවක ඉහළට ආසන්නයෙන් කණුව තදින් බදා සිටි ගුරු පියාද ඔහුගේ කකුලේ එල්ලී සිටි ගුරු මෑණියන්ද ගොඩ ගැනුණේ ජීවිතයේ සිනහව කඳුළක් කිරීමට ගතවන කාලය ඇසිල්ලක් බව සැමටම පහදා දෙමිනි. 

ප.ලි.
  පොඩි වැරදීමකින් විද්‍යා පීඨ කියලා දාලා තිබුණේ. ඒ දවස්වල විද්‍යා පීඨ තිබිලා නෑ. ගුරු අභ්‍යාස විද්‍යාල (Teachers Training Collages) තමයි තිබිලා තියෙන්නේ. ඊළඟට දුරස්ථ අධ්‍යාපන ඒකක. දැන් තමයි විද්‍යා පීඨ තියෙන්නේ.

ප.ප.ලි.
අඟුල යනුවෙන් සඳහන් කර දමා තිබුණේ පහුරක පිංතූරයක් වන අතර එම වැරැද්ද පෙන්වා නිවැරදි කර ගැනීමට උපදෙස් දුන් විචාරකතුමාට මාගේ ස්තූතිය.

ප.ප.ප.ලි.
විචාරකතුමාගේ මග පෙන්වීම යටතේ ලක්ෂිතගේ Blog අඩවියෙන් නිවැරදි අඟුලක පිංතූරයක් ලබා ගතිමි.


49 comments:

  1. අම්බෝ බං භයානක සීන් එකක් නේ

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ගංවතුර කියන්නේ වෙලාවකට සතුටත් තව වෙලාවකට විනාශයත් ගේන දෙයක්. ඕක ගංවතුර අවස්ථාවකදී විතරක් නෙවෙයි හැම අවස්තාවකදීම පොදුයි.

      ඒ පැත්තේ ටික දොහකින් එන්න බැරි උණා. අදම එන්නම්කෝ.

      ජයෙන් ජය!

      Delete
  2. ඇග කිලිපොලා යන කතාවක්. මේ ජන වහරේ කතා මිත්‍යා කියා ඉවත දමන්න හැකිද? මෙය මටත් ගැටලුවකි. අද්දැකිම් ද ඇත.

    ReplyDelete
    Replies
    1. අපි හැම දෙයක්ම ගන්නේ සමච්චලේටනෙ නලීන් අයියේ. ඒකට බලපාන ලොකුම හේතුව තමයි හෙම්බිරිස්සාවක් හැදුනත් "අර සිද්ධිය නිසා තමයි" කියලා කියන අන්ධ විශ්වාසයෙන් යුතු අයගේ හැසිරීම.

      හැබැයි "උදේ පාන්දර හාමුදුරු නමක් මුණ ගැහුණම දවසම මූසලයි" කියන කතාවනම් මිත්‍යාවක් කියලනම් අත්දැකීමෙන්ම දන්නවා.

      අනෙක් කාරනා ගැන නම් සුළු සුළු අත්දැකීම් අත්විඳලා, අහලා දැකලා තියෙනවා.

      Delete
  3. පොඩ්ඩක් හෝව්.. එතකොට වතුරට වැ‌ටුනේ ළමයිද ගුරුවරුද.. මට තේරුන් නෑ නේ...

    ReplyDelete
    Replies
    1. මේක ගුරු විද්‍යා පීඨයක් හිරුවෝ. ඒ වෙනකොටත් අම්මලා ගුරු සේවයේ ඉඳලා ස්ටඩි ලීව් අරගෙන තමයි විද්‍යා පීඨ ගිහින් තිබුණේ. එතකොට ඔය ප්‍රශ්ණ දෙකටම උත්තරේ ඔව්.

      Delete
    2. පොඩි වැරදීමක් බොලව්. ඒ කාලේ විද්‍යා පීඨ තිබිලා නෑ. ගුරු අභ්‍යාස විද්‍යාල තිබිලා තියෙන්නේ. ඊට පස්සේ දුරස්ථ අධ්‍යාපන ඒකකය. ඊටත් පස්සේ තමයි විද්‍යා පීඨ බිහිවෙලා තියෙන්නේ.
      ඔන්න මං පලියකුත් දැම්මා.

      Delete
  4. හප්පේ මාර සීන් එකක්නෙ.
    මේක කියවනකොට මට මතක්උනේ මේ ළඟදි තිස්ස වැවේ වෙච්ච කේස් එක.

    ReplyDelete
    Replies
    1. මට මේක දාන්න හිතුනේ චන්දනගේ කැප කිරීම... (කෙටි කතාවක්) කියන පෝස්ට් එක දැකලා.

      Delete
  5. Waradhinna thathparayak hondhatama athi akamaa ..Anna ea paadama api kawadhaa igena ganeedha mandhaa ?

    ReplyDelete
    Replies
    1. ....//වරදින්න තත්ත්පරයක් හොඳටම ඇති අකමා//..... මටත් ඕක නිතරම හිතෙනවා බයික් එකෙන් බැස්සම.


      ....//අන්න ඒ පාඩම අපි කවදා ඉගෙන ගනීද මන්දා//......මොනා කරන්නද මෝඩකමට බෙහෙත් නෑනේ.

      Delete
  6. අම්මට සිරි... පට්ට කතාව... මගේ ඇගේ මයිල් කෙලින් උනා.....

    ReplyDelete
    Replies
    1. අහන අපිට මෙහෙමනම් අත් විඳින අයට.....?

      Delete
  7. පූසා යට උන එක අපලයි කියල ඒ හරක් දන්නෙ නැද්ද ? ශෝයි ගුරුවරු

    ReplyDelete
    Replies
    1. පූසා යට උණු කතාව ඇත්ත. බිත්තර කතාවනම් මං හිතලා දැම්මේ. ඔය සිද්ධිය අම්මා අපිට කියලා තියෙන්නේ ගොඩක් ඉස්සර. ආයෙමත් අහලා හිත නරක කරන්න හිතුන්නැති නිසා මතක ටිකම ගලපලා දැම්මා.

      අනික ඔතනින් වැඩි හරිය තරුණ උදවිය. ඔය කාලේ කවුරුත් නාහෙට අහන්නැති අයනේ. විශේෂයෙන් වැඩිහිටියෝ නැති ඔය වගේ ගමන් වලදී.
      අපිත් දිය ඇලි වල එහෙම ගියාම (කොල්ලෝ සෙට් එක) ආයේ බරක් පතලක් හිතනවායැ. හරක් වගේ දඟලනවා මිසක්.

      Delete
  8. ඇති යන්තම් නොමැරී බේරිලා නේ...

    ReplyDelete
    Replies
    1. දෙන්නගේ මිනී දෙක හම්බ වෙලා තියෙන්නෙ සංජය. හැමෝම කියලා තියෙන්නේ ඇර මිස් කකුලේ එල්ලුනේ නැත්නම් සර්ගෙ ජීවිතේ බේරෙන්න තිබුණා කියලා.මොකද වතුරේ උඩ මට්ටමට කිට්ටුවෙන් තමයි ඉඳලා තියෙන්නේ.

      වතුරේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා කතාවක් තියෙනවනේ. ඒ හින්දා මිස්ට උනත් දොසක් කියන්න බෑ.

      Delete
  9. ඇත්තටම ඔය බළල්ලු වාහනවලට යට උනාම අසුබයි කියන්නෙ මිත්‍යාමතයක් නෙමේද ? සාමාන්‍යයෙන් මම මිත්‍යාමත බැහැර කරනවා. අපේ අම්මා ඒකටත් එක්ක. ගෙදරින් එන්න කලින් හූනෙක් චු චුක් ගෑවත් යන්න දෙන්නෙ නෑ. හූනා ඉතින් චුක් චුක් ගාන්නෙ නැතුව ඤෑව් ගාන්නයෑ..

    මේක සත්‍ය කතාවක් නම් බොහෝම භායනක කතාවක්.

    ReplyDelete
    Replies
    1. වාහනවලට බළල්ලු යටඋනාම අසුබයි කියන එක මාත් පිළිගන්නෙ නෑ. නමුත් ඒක පිළිගන්න රියදුරෙක් තමංගෙ වාහනේට බළලෙක් යටවෙනව දැක්කොත් එහෙම එයාගෙ මානසිකත්වය අවුල් වෙන නිසා මොකක්හරි අනතුරක් වෙන්න පුලුවං. නමුත් එයා නොදැක ඒ දේ උනොත් කිසිම අවුලක් වෙන්නෙ නෑ.

      දැනට කාලෙකට ඉස්සෙල්ල උදේ කොළඹ යන බස්එක බළලෙක් බේරන්න ගිහිල්ල කණ්ඩියක හැපිල ගිය කට්ටිය ඔක්කොම අතපය කඩාගෙන තිබුණ. නමුත් ඌව යටකරගෙන ගියානං ඒ මිනිස්සුන්ට කිසි ප්‍රශ්ණයක් නෑ.

      Delete
    2. @♥ ළිහිණි ♥,
      මේ සිද්ධියෙදිනම් ඒක ඇත්තක් වෙලා තියෙනවා නේද ලිහිණියෝ. මාත් ඕවා ගැන එච්චර පන්නන්නේ නෑ. ඒත් සමහර වෙලාවට ඇත්තක් නැත්තෙමත් නෑ කියලත් හිතෙනවා.
      අර හූනා කෑ ගහන සිද්ධිය අපි නිර්වචනය කරන හැටි වැරදියි කියලා ගිය සතියේ වයසක බාසුන්නැහැ කෙනෙක් එක්ක කදේකට වැටුණු වෙලේ දැනගන්න ලැබුණා. අපි නිතරම අහන හූනා කෑ ගහන එක බල රහිත එකක්ලු. (හූණා හිනා වෙනවා කියලා තමයි එයා කිව්වේ). තුන් පාරක් හූනා කෑ ගැහුවොත්ලු අසුභ.

      Delete
    3. @ Praසන්ன,
      ප්‍රසා අයියගේ කතාවනම් 100% ඇත්ත. ඒත් මෙතනදිනම් ඒ සම්බන්ධයක් නෑ නේද?
      අපේ පැත්තේ අයියා කෙනෙක් උපාසක අම්මලා එක්ක වෑන් එකේ ගමනක් යද්දී බල්ලෙක් පැනලා. පොර බල්ලවත් හප්පගෙනම ගිහිං. උපාසකම්මලා බනින කොට කිව්වලු, "උපාසකම්මලාගේ ඔය ඉතුරු වෙලා තියෙන දත් දෙක තුන ගලවලා මට පව් පුරෝගන්න බෑ කියලා"

      Delete
  10. හප්පා...ඔය වතුරේ ගිලෙන එව්වා මතක් නොවෙන තරමට හොඳයි.....

    ReplyDelete
    Replies
    1. ඇයි ගින්දරට අහුවෙලා මැරෙන එක?

      අපේ තාත්තා ඔපරේෂන් එකකට හොස්පිට්ල් නවත්තලා හිටපු දවසක වස බීපු පොරක් ගෙනාවා. මිනිහා කෑ ගහනකොට මාත් ගියා බලන්න. මිනිහා කෑ ගැහැව්වේ "අම්මෝ බඩ දැවිල්ලයි. අනේ දොස්තර මහත්තයෝ මාව මැරෙයි. ඉක්මනට මොනා හරි කරන්ඩෝ" කියලා.
      අනේ මන්දා මේවට හිනා වෙන්නද අඬන්නද කියලා.

      Delete
  11. කොහොම ගියත් ඇත්ත එලි වෙනවා නේද මගේ සුදු බබී? ඔච්චර විවෘත වෙන එකේ ඔයාගේ නීත්‍යානුකූල අවි වෙළදාම ශ්‍රී ලංකා යුධ හමුදාවට කරපු,එක පතුරමකින් හම්බුන ගාන , එක යුද්ධ ටැංකියකින් හම්බ කරපු ගාන,night club ගැන,TV channel එක , අර තානාපතිට කරපු දේ,ඔයාගේ නඩු අහපු ජජ් ල එක පාරට පවුල් පිටින් රට ගිය හැටි ඒ ගැනත් කියන්නකෝ.ආසයි දැනගන්න ඒවා ගැනත් සුදු බෝලයෝ.

    ReplyDelete
    Replies
    1. දැන් මේ දෙන්නව ගගට වැටිච්ච හින්දද ඔය ඇත්ත හෙලි වුනේ ? :)

      Delete
    2. අඩේ මේ හූණා වගේ ඉන්න මට සුදු බෝලයා කිව්වට තැන්ක්ස් ඇනෝ.
      .....................

      ඔයා ඔය කියන්න උත්සාහ කරපු කෙනාගේ පෝස්ට් දෙකක් විතර තිබුණා එයාගෙ නිර්මාණ උස්සපු කීප දෙනෙක් කරපු බලු වැඩක් ගැන. මං හිතන්නෙ ඔයත් එයාලගෙන් කෙනෙක් වෙන්න ඇති.
      .................................

      මගේ මේ බ්ලොග් එකේ ඇනෝ ඩිසේබල් කරලා නැත්තේ ඕන කෙනෙකුට ඇවිත් ඕන දෙයක් මං ගැන කියලා යන්න මිසක්, අනුන් ගැන කියලා යන්නනම් නෙවෙයි. ඒ නිසා වෙන කෙනෙක් ගැන කියන්නනම් මේ පැත්තේ එන්නේ, "කරුණාකරලා නාවට කමක් නෑ" කියලා කියන්න තමයි වෙන්නේ.

      Delete
    3. @සෙන්නා..

      හෙහ් හෙහ් හෙහ්... :D

      Delete
  12. කණගාටුදායක සිද්දියක්. පුසා වාහනේට යට වෙන එක රියදුරා හැර අනිත් ඇයට තේරුනේ නැද්ද?..

    ReplyDelete
    Replies
    1. වයසේ වැරද්දනේ අසර්... ඔය දේවල් නොතැකීම. ඒ නැතත් වෙන්න දෙයක් තියෙනවානම් එක වළක්වන්නත් බෑනේ.

      Delete
  13. හ්ම්ම්... මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔය කියපු දේත් ඇති දිනේශ්. වචනෙන් නොකියූ දහසක් වදන්.......

      Delete
  14. අසුබ නිමිති.... මගෙ අතිනුත් දවසක් පූසෙක් යට වුනා.. ඇවිදගන්න බැරි එකෙක් පිටි පස්සෙ රෝදෙ යට නිදාගන ඉඳලා.. වාහනේ පස්සට ගන්නකොට යටවුනා.. ප්‍රශ්ණයක් වුනෙනම් නෑ..

    ඔය වගේ තැන්වලදි පරිස්සම් වෙන එක හොඳයි.. කට්ටිය එකතු වුනාම සාමාන්‍යයෙන් වෙන්නෙ අවධානයෙන්/පරිස්සමින් කටයුතු කරන එකාව සම්ච්චල් කරණ එක.. ඒත් මේ වගේ දේවල් වුනාම තමා ඇස් ඇරෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සිද්ධි අහම්බයෙන් වෙන දේවල්ද නැතිනම් වෙන්න තියෙන දේවල්වල පෙරනිමිතිද කියන එක ගැනනම් කියන්න මටත් තේරෙන්නෑ සෙන්නෝ. මමනම් දෙපැත්තටම 50%-50%.

      .....//කට්ටිය එකතු වුනාම සාමාන්‍යයෙන් වෙන්නෙ අවධානයෙන්/පරිස්සමින් කටයුතු කරන එකාව සම්ච්චල් කරණ එක..//....
      සහතික ඇත්ත. ඕවට අපිත් සම්මාදම් වෙලා තියෙනවා. ඒ වගේම භාජනය වෙලත් තියෙනවා.
      වගකීමක් දරණ/දරපු ඕන කෙනෙක්ගේ අත්දැකීමක්.

      Delete
  15. හැබෑටම මක්කද උනේ...අගුල පෙරලිලාද ? ශෝකජනක සිද්ධියක්

    ReplyDelete
    Replies
    1. ඔව් සිරෝ..

      අඟුල පෙරලිලා දෙන්නෙක් ජීවිතයෙන් සමුගෙන ගිහිං.

      Delete
  16. superstition කියන එක පෙරදිග.අපර දිග කියලා වෙනසක් නෑ. කොහෙත් තියෙනවා. දැන් 13 ගැන තියෙන මතය, ඉනිමගක් යටින් නොයෑම, වගේ දේවල් මිනිස්සු කොයි තරම් විස්වාස කරනවද? ඇයි Break a leg! කියලා සුභ පතන්නෙ ඇත්තටම කටවහ යන්නනෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි අලුතින් ගෙයක් හැදුවම "තුහ්!විතරක්" කියලා ගහලා තියෙන්නේ.

      Delete
  17. බලල සීන් එක හින්දා උනා කියල බෝල්ඩ් නොකරනං හොදා.

    ReplyDelete
    Replies

    1. මාත් ඕව ගැන 50 ට 50 ඉන්නේ අකම .
      හැබැයි මළ ගෙවල් වල ගිහින් එද්දී උන
      අනතුරු / මරණ ගැන නම් පැහැදිලි අද්දැකීම්
      6, 7 ම තියෙනවා..මතකද පස්යාලේදී
      SLRC කට්ටියක් මැරුණා ..ඒකෙ මගේ
      අයියත් හිටියා ...

      Delete
    2. බෝල්ඩ් කරන්න උත්සාහ කළේ නෑ දේශකයා. ඒත් නොදැනුවත්ම එහෙම දෙයක් වෙලාද කොහෙද. ස්තුතියි අදහසට. ඊළඟ වතාවේ තව පොඩ්ඩක් සැලකිල්ලෙන් ලියන්නම්.

      Delete
    3. @ silentsahan :
      බොහෝම කණගාටුදායක දෙයක්නේ සහන් වෙලා තියෙන්නේ. ජීවිතේ කියන්නේ මහ අමුතු දෙයක් කියලා මං කලිනුත් කියලා තියෙනවානේ. අපි ආස කරන අයව අපෙන් ඈත් කරද්දී අකමැති අය තව තව ලං වෙනවා.

      Delete
  18. මම ඇවිල්ලා තියෙන්නේ පරක්කු වෙලා වගෙයි. කොහොම වුනත් මගේ අදහස මේකයි.

    මට බුදු දහම කියාදුන් හාමුදුරුවෝ කිව්වේ සියල්ල කෙරෙහි බලපවත්වන්නේ චේතනාව කියන එකයි. මම ගමනක් පිටත්වෙන්නේ අදනම් බල්ලෝ බළල්ලු දහ පහළොස් දෙනෙක්වත් යටකරනවා කියන චේතනාවෙන් නෙවෙයි නම් බලාපොරොත්තු රහිතව එවැනි සතකු යටවීමෙන් මට පවක් සිද්ධ වෙන්නේ නැහැ.බල්ලෝ බළල්ලු යටවීම වලක්වන්න හදිසියේ තිරිංග තද කිරීමෙන් වාහනයේ යන මගීන්ට මරණීය අනතුරු සිදුවීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩියි.

    බළලකු වාහනයකට යටවීමෙන් කිසිදු විශේෂ අපලයක් සිද්ධවෙන්නේ නැහැ. එහෙනම් එදා මියයන්න ඕනේ වාහනයේ රියදුරා. එයානේ බලලව යට කලේ. අප අතර තිබෙන යම් යම් විශ්වාස පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙනයනවා මිසක් ඒ ගැන විමසා බලන්නේ බොහොම ටික දෙනයි. ඉස්සර බත් මුලක් බැන්දම ඒකට අඟුරු කැටයක් තබා බඳිනවා බත්මුල ගෙනයන කෙනා තනිවෙනවා, පෙරේත බැල්මට අසුවෙනවා කියා. නමුත් සත්‍යය වන්නේ බත්මුලෙන් එන වායු අඟුරු කැටයෙන් උරාගෙන, බත්මුල පිළුණු නොවී වැඩි වෙලාවක් තබාගැනීමට උපකාරී වීමයි. ඒ යතාර්ථය ඒ කාලේ කිව්වානම් විශ්වාස කරන්නේ නැති නිසා මිනිසුන් විශ්වාස කරන යක්කු පෙරේතයින් ගැන කියලා බය ඇති කලාම එවන් දේ අනුගමනය කරනවා.

    මම ගංවතුර ඇතිවන ප්‍රදේශයක සෑහෙන කාලයක් (වසර 15 ක් පමණ) ජීවත්වී තිබෙනවා. ගංවතුරේ ඇති තරම් ඔරු පැදලා තියනවා. ඔරුව පෙරලිලා බේරුණු වාර කීපයක්ම තියනවා.

    ඔබ කියන අවාසනාවන්ත සිද්ධියට බලපෑ හේතු සාධක මමනම් දකින්නේ මේ ආකාරයටයි.

    1.අර පිරිසෙන් වැඩි දෙනෙකුට අඟුල ගැන හෝ එහි ගමන් කල හැකි උපරිම මගීන් ගණන ගැන අවබෝධයක් තිබී නැහැ.

    2. අඟුල පැදපු අය මුදල් හොයාගැනීම සඳහා අඟුලේ පැටවියහැකි මගීන් ගණනට වඩා වැඩියෙන් පැටවීමෙන් අඟුලේ සමබරතාව ගිලිහීගොස් තිබෙනවා.

    3. අඟුලක සිටගෙන හෝ වාඩිවී ගමන්කළ හැකියි. අඟුල කියන්නේ හරස් ලෑලි වලින් එකට ඇමිණු ඔරු දෙකක් වැනි යාත්රාවකටයි.ඔබ මේ ලිපියේ දක්වා ඇති පින්තුරයේ තිබෙන්නේ පහුරක්. අඟුලක් නොවේ. අර ලෑලි මත වාඩිවී හෝ සිටගෙන ගමන් කල හැකියි. සිටගෙන යන්නේනම් අඟුලේ සමබරතාව නැතිවීමට ඇති ඉඩකඩ වැඩියි.
    අඟුල මෙන්න මේ වගේ
    http://www.trust.org/contentAsset/resize-image/507a10ed-c53d-4dc2-868d-81943a43221e/photowide/?w=460&vn=201107051747

    අර ඇනෝගේ මන්ද මානසිකත්වය ගැන අනුකම්පා කරනවා හැර වෙන කුමක් කරන්නද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. කොහොමත්ම පරක්කු නෑ. මොකෝ මේක තිබුණයි කියලා පිළුණු වෙනවයැ. :D

      මිත්‍යා මත පිළිබඳව ඔබේ මතය නිවැරදියි. ඒ වගේම ඇර බත් මුලේ සිද්දිය වැනි කළ/නොකළ යුතු දේවල් ගැන ඉස්සර මිනිස්සු වාද නොකරම පිළිගත් නිසා ඔවුන්ගේ දිවි රැකුණා. ඒත් අද?
      ඉස්සර රෑට පිලී ජාති කාලා හෝ අරගෙන (ඔම්ලට්/ මස්/මාළු) පාළු පාරවල් වල ගියොත් යකා ගහනවා කිව්වා. ඇත්තටම ඒවා කිව්වේ ඒ ඉවට එන නරි, බල්ලෝ, දිවියන් වැනි සතුන්ගෙන් බේරෙන්න. ඒත් අද? ඕකේ ඇත්ත දැනගෙන, අපි ඔය සත්තුන්ට බය නෑ කියලා චන්ඩි වගේ ගිහින් අනතුරු කීයක් කර ගන්නවද.

      1). එකඟයි.

      2).මේ අයව එක්කගෙන ගිහින් තියෙන්නේ වෘත්තිමය අඟුල් පදවන්නන් නෙවෙයි. උදව්වක් වශයෙන් මිසක් මුදල් බලාපොරොත්තුවෙන් කියලනම් අම්මා කියලා නෑ. පළපුරුද්ද අඩු බවනම් බලපාන්න ඇති. ඒ වගේම පෙරළුණු අඟුල අන්තිමට පිටත් උණත් අනික්වා පහු කරගෙන වේගයෙන් ගිහින් තියෙනවා. පිරිසේ දන්ගකාරකමත් හේතුවක් වෙන්න ඇති.

      3).අන්ගුලේ ෆොටෝව නිවැරදි කළෙමි.


      Delete
  19. මෙන්න අහම්බෙන් හම්බවුනා. ලක්ෂිතගේ අඩවියේ දාලා තියනවා නියම නිවැරදි අඟුලේ පින්තුර ගොඩක්. මෙතනින් ගිහින් බලන්න.

    http://laksite.blogspot.com/2013/02/18-2.html

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔත්තුවට. ඒ වගේම අලුත් යාළුවෙක් හඳුන්වලා දුන්නට.

      Delete
  20. අම්මෝ.... සෙල්ලම ලෙල්ලම වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ සමනලී කියන්නේ....

      ආදරෙයි වෛරයයි අතර වගේම ජීවිතයයි මරණයයි අතරත් වෙනස බොහෝම කුඩායි.

      Delete
  21. වතුරේ සෙල්ලම් කොහොමත් භයානකයි. //මේ වගේ අඟුල් අටක් වතුරේ......// මේ වගේ එකක් තමයි වැලි ගොඩ දානකොට පාවිච්චි කරන්නේ. යට බැරල්. උඩ ලෑලි.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන. ඒකෙම ඔරිජිනල් එකත් පහලින් ඔය දාලා තියෙන්නේ.

      Delete