Sunday, January 6, 2013

කුස්සියට නිවාඩු..... අපේ මාමට?

  ඊයේ රෑ ගත්තු හදිස්සි තීරණේකට අනුව අද අම්මලා අයියගේ ගෙදර ගියා. ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙන්න ඉස්සෙල්ලා නංගිට එහෙ යන්න ඕනි වෙච්ච එකයි අයියගේ පොඩ්ඩට සනීප මදි වීමයි හේතුව.

  පාන්දර පහ වෙනකොට මාමගේ බස් එකට (ලංගමේම මාමගේනේ :P) නැග්ගෙව්වා. නැත්නම් කොහොමද ඔච්චර දුරක තනියෙම යවන්නේ. එක්කෝ මට යන්න වෙනවා. නැත්නම් ගමන අල්ලලා දාන්න වෙනවා.

  උදේ පාන්දරම දාපු කම්පීතරේ ගාවින් නැගිට්ටේ අටට විතර. බඩගිනි වෙලා. හාල් පොඩ්ඩක්නම් රයිස් කුකර් එකේ පිහිටෙන් තියා ගත්තා. උයන්න දේවල්නම් එමටයි. කූල් එක බහින්න කියලා එළියෙන් තියන කොට දැක්කේ මී කිරි කප් එක. අපේ හෘදයෙක්ගෙන් ලැබිලා අම්මයි නංගියි කප්පාදු කරපු එකක්. මේ දවස්වල ගෑසුත් වැඩිවෙලා තියෙන එකේ කෙලලා ඇරියා බව්වත් ළඟ තියාගෙනම. හීටරේ ගහලා බිත්තරේකුත් හාෆ් බොයිල් කළා. ආයේ උයන්නේ මක්කටෙයි. ආයේ බඩගිනි වෙනකං ආයේ ඉතින් මාව නැගිට්ටවන එක බොරු. 

  ඊයේ අම්මට කිව්වම මාමත් එක්ක යන්න කියලා එයා කියනවා ඒකෙ යන්න බයයිලු. හයියෙන් යනවලු. එහෙම තමයි මාමගේ හැටි. අනික දුර බස් තියෙන්නේ කොට කොටා යන්නයැ. රත්නපුර- බදුල්ල පාර කාපට් කරන්න ඉස්සෙල්ලා ඔය පාරේ හිටපු හොඳම වීරයෙක් තමා අපේ මාමා. දැන් කාලේ එවුන් ඩ්‍රයිව් කරන්නේ පාරට පින් සිද්ධ වෙන්නයි, පවර් ස්ටියරින්, එක තැන වදින බ්‍රේක් තියෙන වාහන වලට පින් සිද්ධ වෙන්නයි, හෝන් එක ගහලා ඉස්සරහින් එන එකා කාණුවට යවලයිනේ.

"උඹලෑ මාම දෙයියෙක් බන්. නැත්නම් අපි පන්ති ගිහිනුත් ඉවරයි" මාමත් එක්ක කතා කර කර ඉන්නවා දැකලා අඳුරගත්ත යාලුවෙක් එහෙමයි කිව්වේ. 

පින්තූරෙට සාදර සමාදර දායකත්වය


    පවර් ස්ටියරින් නැති, දෙතුන් පාරක් පෙඩ්ල් කරලා බ්‍රේක් ගහන  වාහනයක් අද වගේ කාපට් නැති පොඩි පාරක එලවන එකත් ඒ කාලේලොකු දෙයක් තමා. අද උනත් මාමත් එක්ක රේස් යන්න එන්නේ නොදන්න එකෙක් තමා. ප්‍රයිවට් බස් වල තියෙන පහසුකම් එකක්වත් නැතුව, ඒවායේ වගේ පොලෝසියෙන් ගහන දඩ ගෙවන්න හාම්පුතාලත් නැතුව, අනතුරක් උනොත් ක්ලේම් කරන්න ඉන්ෂුවරන්සුත් නැතුව  පෙඩ්ල් බ්‍රේක් සිස්ටම් තියෙන බස් එකකින් අනතුරක් නැතුව  යන යෑමත් ලොකු දෙයක්නේ. මම දන්න තරමින් ඉඳලා හිටලා වෙන සයිඩ් කණ්නාඩියක් ගලෝගන්න දෙයක් ඇරෙන්න මාමට අනතුරක් වෙලා තියෙන්නේ 1980 දශකයේ මුල් භාගයේදී. ඒකත් අනෙක් වාහනේ වැරැද්දෙන්ලු. 

  වගකීම කියන දේ හරියට තියෙනවනම් තමන්ගේ අතේ ජීවිත බර ගානක් තියෙනවා කියලා හිතුවනම් අද කාලේ අනතුරු ගොඩක් අඩුවෙයි කියලයි හිතෙන්නේ. 

  මාමගේ හොඳ කියන අය වගේම තමයි අනික් පැත්තත්. බැනුම් අහපු නැති එකෙක් ඉන්නවනම් ඒ ඉන්නේ මාමා ගැන දන්නා එකෙක්ම තමා. :ෆුට්බෝඩ් යන අයට මුලින්ම හොඳින් කියනවා. ඊළඟට වලවල්, පඳුරු.... එහෙමත් හරියන්නැත්නම් තදින් කියනවා. මල පැන්නොත් බස් එක අයිනකට කරලා නවත්තගෙන ඉන්නවා. එතකොට අරූ බැනුම් අහන්නේ බස් එකේ යන ගෑනුන්ගෙන්. පරක්කු වෙන නිසා. හැබැයි ඔය අන්තිම තත්ත්වෙට ආපු අයගෙ ගානනම් ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන්.

  මාමා රාජකාරිය දේවකාරියටත් වඩා හොඳින් කරන කෙනෙක්. උදේ බස් එක ගන්න ඕනි වෙලාවට පැය බාගයක්වත් කලින් ගිහින් වාහනේ ෆුල් චෙකප් එකක් දානවා. දන්නවනේ ලංකාවේ පොදු ප්‍රවාහනේ හැටි. අද හොඳට තිබුණු බස් එකේ ටයර් එක හෙට වෙනකොට වෙන බස් එකක. එහෙම වෙලාවට දවස් දෙක තුන බස් එක බාර ගන්නැතුව ඉන්නවා හදනකන්. ෆොමන්ලත් හොඳ ඇම්ලනේ. ඉස්සරහ වම් පැත්තේ ටයර් එක ගෙවිලා කියලා ගෙනත් දැම්මොත්  පහුවෙන්ද බලනකොට ඒ ටයර් එක හොඳයි. එතන තිබුණු ටයර් එක ඉස්සරහ දකුණු පැත්තේ දිවත් දික් කරගෙනම ඉන්නවා. එක රෝදෙක බ්‍රේක් නෑ   කිව්වොත් ඒක විතරයි හදන්නේ . බ්‍රේක් අන්බැලන්ස්. බ්‍රේක් පාරක් ගහපු ගමන් වාහනේ රුයිතෙට යන්නේ. 

      දැන් මාස දෙකකට විතර කලින් පාරේ වංගු නැති හරියක මීටර් 100විතර දිග තනි රෝදෙක බ්‍රේක් පාරක් තිබුණා නයා ගිහින් වගේ. හොයලා බලනකොට බදුල්ල- කොළඹ බස් එකක ඉස්සරහා රෝදේ බ්‍රේක් හිරවෙලා. රියදුරුගේ දක්ෂතාවය නිසා තමයි නවත්තගෙන තියෙන්නේ. හිතන්න. එතන කෙලින් පාරක් නොතිබුනානම්.. තැන්නක් නොවුනානම්.. රියදුරු පළපුරුදු කෙනෙක් නොවුනානම්... වාහනේ  පාර මැද  රැවුම් කීයක් පෙරලෙයිද? අද කාලේ වාහන අනතුරු ගැන කියෝනවා. බස් එකක් හැප්පුනොත් තව ටිකක් වැඩිපුර කියෝනවා.  සීටීබී එකක් උනොත් ඊටත් එහා. ඒත් ඒ අයට දෙන වාහන වලින් මේ විදියට අතක් පයක් නොකඩා එක්ක යන එකත් ලොකු දෙයක් කියලා නොහිතන්නේ ඇයි? අනික සීටීබී ඇතුලේ තියෙන ගසා කෑම් ගැන මාධ්‍ය මගින් හෙළිදරව් නොකර කලාතුරකින් වෙන(සාපේක්ෂව) අනතුරක් මාධ්‍ය මගින් උලුප්පලා දක්වන එක හොඳද? 

  මතකනේ අර කෝච්චියක් බ්‍රේක් නැතුව ගිහින් අනිකේ නුනම බාල ඉන්දියන් එංජිමේ දෝෂයවත්, ඒක ගෙන්නපු නුත් සුදනෝ වෙලා එතැනදී ජීවිතය පුදපු දුම්රිය රියදුරු තැන වැරදිකාර මිනීමරුවා උන හැටි.

  දිග වැඩි උනත් තව එක කාරණයක් කියන්න තියෙනවා. මං කලිනුත් කිව්වනේ රාජකාරියයි දේවකාරියයි ගැන.  අපේ මාමා හවහට ඇඟ ටිකක් රත් කරගන්න පොරක්. හැබැයි අවස්ථා දෙකකදී ඇරෙන්න රාජකාරියේදී විතරක් නෙවෙයි  වෙන කිසිම අවස්ථාවක රත් කරගෙන ඩ්‍රයිව් කරලනම් නෑ. ඒවත් පස්සේ කියන්නම්කෝ....

      මේ කථාව ඉස්සර ඉඳන්ම ලියන්න හිතාගෙන හිටපු එකක්. ඒ හැම වෙලාවේම මට අපේ "ඔබා මාමා" මතක් වෙනවා. එයත් හිටියනම් මං මේ පෝස්ට් එකෙන් කියන්න තටමන දේ කමෙන්ට් එකේ එක වාක්‍යයකින් කියලා දායි. 

36 comments:

  1. අද අපි තාක්ෂණයට පිං දිදී වැඩ දානවා. එදා අපේ පැරැන්නන් තම දැතේ දෙපයේ හා ඥානයේ ශක්තියෙන් වැඩ දාල තියනවා. ඉතින් ඒ අය අදටත් අපට වඩා ඉහළින් තමා ඉන්නේ....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම නලින්. අපි දාන වැඩ වලින් බාගයක්ම අයිති තාක්‍ෂණේට. පැරණියි කිව්වට තාමත් කොල්ලා වගේ වැඩ.

      මං මාමාගෙන් රියදුරු පුහුණුව ලබල නැති උනාට ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. ඒවා නීති නොවුණත් රීති. දැන් වාහනවල වගේම පාරවල්වල හොඳකම හින්දා ඒවා එතරම්ම අදාළ නොවෙන්නත් පුළුවන්.

      Delete
  2. පරණ මිනිස්සුන්ට පුදුම හයියක් තිබුනේ, ඒ වගේම දරා ගැනීමේ හැකියාවත්

    ඒ කාලෙ ජිම් තිබුනෙ නෑ. එක්සයිස් මැෂින් තිබුනෙ නෑ.. නියම නිරෝගී මිනිස්සු

    ReplyDelete
    Replies
    1. ඒ අතින් අපි මොක්කුද? නේද යසිත්.

      ජිම් ගැන කියනවනම්, මම කියන්නේ අතින් කාලා හරක් බලනවට වඩා හොඳයි මේසන් බාස් කෙනෙක් ගාව ගෝලයෙකුට ගියානම්. ගඩොල් උස්සලා දීලා, වැලි හලලා, කොන්ක්‍රීට් අනලා ඉවර වෙනකොට සර්වාන්ගයටම එක්සසයිස්. හවහට ගානකුත් අතට එනවා.

      Delete
  3. දැං ගොඩක් අනතුරු වෙන්නෙ වාහනේ එලවගෙන යන මනුස්සය වාහනේ ගැන නොදන්න කමට. විශේෂයෙන්ම ත්‍රිරෝද රථ වගෙම ඔය බට්ට වෑන්, ජපන් වාහන වගේ හයියෙං යන්න පුලුවං ඒව නෙමෙයි. දැං වාහනවල ගොඩක් තාක්ෂණික පහසුකං වැඩි හින්ද එලවන්න ලේසි උනත් හදිසි අවස්ථාවකදි ගන්න තීරණය වාහනේ පදවන කෙනා ක්ෂනිකව නිවැරදිව ගත්තෙ නැත්තං අනතුරක් වෙන්න පුලුවං.

    කොහොමත් පරන සීටීබී ඩ්‍රයිවර්ලට නියම රියදුරු පුහුණුවක් ලැබීම ඔයවගේ දක්ෂතාවයක් ඇතිවීමට හේතුව වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔය වාහනේ තත්ත්වය කියන එකනම් 75%ක්ම අනතුරු වලට බලපානවා වෙන්න ඇති. මගේ අයියගේ බයික් එක බජාජ් ලො කොස්ට් එකක්. ඒක අයියගේ උනාට කි.මී.80,000ක විතර දායකත්වය මගෙන්. ඒත් දැන් වැඩ කරන තැනින් මෙලෝ රහක් නැති ලදරන් බයික් එකක් හම්බ උනා. ජපන් ටෙක්නොලොජියේ. පට්ට බැලන්ස්. දැන් මට බජාජ් එක පදින්නත් බයයි වගේ.

      සීටීබී වල ආමි එකේ අනතුරු අඩු වෙන්න ලොකුම හේතුව තමා ඉන්ෂුවරන්ස්. ඇනගත්තොත් බර පැන පොකට් එකෙන්. හැබැයි පුහුණුව, විනය කියන එකනම් අනිවාර්යයෙන්ම තියෙනවා.

      Delete
  4. අකමාගේ මාමා වගේ ලංගම ඩ්‍රයිවර් කෙනෙක් හිටියා අපේ පැත්තේ "ආයිබෝං" කියලා. නම නම්මොකක්ද මන්දා හැමෝම කියන්නෙ එහෙමයි. වෙලාවට වැඩ. සරමේ බෙල්ට් එකේ බකල් එකෙත් ඔරලෝසුවක් හයි කරලා අතේ තියෙන ඔරලෝසුවලට අමතරව. යන්න ගියාමත් යකා වගෙ තමයි. වේගයෙන් නමුත් පරෙස්සමෙන් එලවන්නෙ. මග දිගට කොට කොට යාමක් නෑ. මිනිස්සුත් බස් එකට නගින්නෙ හරි කැමැත්තෙන්.

    පරිප්පු ඉව්වානම් හරි ගෙදර කවුරුත් නැති වෙලාවට. බිත්තරයක් තම්බලා, සම්බෝලයක් හදාගන්න ඉගෙනගත්තා නම් ගොඩ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කවුද කැමති හෙමින් යන්න. නේද හෙන්රි අයියේ..

      ඉගෙන ගත්ත දේවල් පාවිච්චියට ගන්න කම්මැලිකමත් අඩු වෙනවනම් ගොඩ නේ. උය උයා ඉන්න ගියාම කම්පීතරේ මකුළුවෝ දැල් බඳිනවනේ.

      Delete
  5. ඔය වගේ බස් කතන්දර අහන්න ඕනෙ අපේ මහත්තයාගෙන්... මට යකා වැහෙන කතා තමයි ඉතිං.. හි හි.. ඒ උනාට කතාව ඇත්ත... ඒත් සීටීබී වල ඩ්‍රයිවර්ලට තියෙන ඔය වගකීම කියන එක ප්‍රයිවට් කට්ටියට නෑ නේ..

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙනම් හිරුවෝ තාමත් සීටීබී බස් වෙට්ටු දානවා (විශේෂයෙන් බයික් වලට) අඩුයි.ඒ වගේමයි අනතුරුත්. ලොකුම දේ තමයි කොට කොටා යන්නැති එක.

      ..//මට යකා වැහෙන කතා තමයි ඉතිං..// හෙහ් හෙහ්..

      කොළඹ පැත්තේ ළඟ රූට් වල දුවන ප්‍රයිවට් බස්වල යන එක තරම් ඇඟේ මයිල් ස්මයිල් වෙන වැඩක් තව නැතුව ඇති.

      Delete
  6. දෑන් නම් ඉතින් ඉන්න බස් සේවකයන් ගෑන කියල වෑඩක් නෑ... හෑබෑයි අපේ මනුස්සයවත් එවන්න හිතුන අකමාගෙන් උයන්න ඉගෙනගන්න...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කතා ඕන්නෑ කියමුකෝ.

      උයන එකනම් සරලයි, සුගමයි. දවල්ටත් එළවළුවක් හදාගන්න බැරි උණා. බිත්තර කිරි හොද්දක් හදන්න ගියා. කිරි හොද්ද හැදෙනකොට තමයි මතක් උනේ බිත්තරේ තම්බුවේ නෑ කියලා. ඒත් හදන්නත් එපෑ. කැඩුවා බිත්තරේ. අතෑරියා හොද්දට. ඔය තියෙන්නේ යස අගේට. (කෙලවුනානම් මෙතන කියනවයැ).

      ඔන්න මහත්තයට බිත්තර හොදි රෙසිපි එක දෙන්නකෝ. හෙහ්..හෙහ්..

      Delete
  7. ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ මහ රෑ යාමෙ ගෙදර එද්දි අපේ රියදුරොත් සෑහෙන්න භයෙන් නුවර පාරෙ වාහනේ එළවන්නෙ...අනිත් පැත්තෙන් නින්ද ගිය රියදුරෙක් ඇවිල්ලා වදියි කියන භයෙන් තමා ඉන්නෙ.... නින්ද ගිහිල්ලා සිදුවෙන අනතුරු තමයි අද සෑහෙන්න තියෙන්නෙ...

    මාමා නම් සෑහෙන්න වැඩ්ඩෙක් පාටයි... අපේ පැත්තෙත් ඉන්නවා බස් සිරිසේන කියලා කෙනෙක්...ඔය වගේම ලංගමේ නම තියපු සුපිරිම රියදුරු තුමෙක්.... අපේ පලාතෙ වාහන හිමියන් රැසකගෙ ආචාර්ය වරයා තමයි එතුමා... අද ජීවිතේ සැදෑසමය ගෙවනවා...

    ReplyDelete
    Replies
    1. පාරේ වලවල් අඩු වෙනකොට, වාහනේ කන්ඩිෂන් එක වැඩිවෙනකොට සැපට නින්ද යනවා සිරෝ. මං බයික් එකෙත් නිදාගෙන ගිහින් තියෙන එකේ අනික් වාහන ගැන මොන කතාද?

      මෙහෙත් හිටියා අංකල් කෙනෙක්. අපි හැමදාම ට්‍රිප් යන්නේ එයත් එක්ක. එයත් නොදන්න පාරක් නෑ. අනික යන යන හැමතැනම අඳුරන අය. වාහනේ කොහේ හරි නැවත්තුවොත් කවුරු හරි වන්දනා නඩයක රියදුරෙක් ඇවිත් පාරක් අහන එකත් සිද්ධ වෙනවාමයි. පාරවල් ගැන පුදුම මතකයක් තියෙන්නේ.

      Delete
  8. දැන් ඔය වගේ ඩ්‍රැයිවර්ලා හරි අඩුයි අප්පා...

    ReplyDelete
    Replies
    1. ලංගමේනම් ඉන්නවා. ප්‍රයිවට් බස්වල උනත් මොනරාගල බස්වලට සාපේක්ෂව බදුල්ල බස් වල හොඳ අය ඉන්නවා. මොකද බදුල්ල පාරේ අය වන්ගුවලට, පල්ලම් වලට හුරුවෙලා නිසා (හෝන් එකෙන් වංගු කෙලින් කරන්න බැරි නිසා) වේගය පාලනයක් තියෙනවා. ඒත් මොනරාගල බස් වල අය දන්නේ පාගන්න විතරයි. හදිස්සියේ නවත්තගන්න උනොත් වාහනේ තාක්ෂණයට තමන්ගේ හැකියාව එක්කහු කරලා මදි පාඩුව හෝන් එක ගහලා ඉස්සරහා එකාගෙන් ඉල්ලා ගන්නවා.

      Delete
  9. මමත් දවසක් ඔය වගේ බස් එකක ගියා බණ්ඩාරවෙල ඉඳලා ඇටම්පිටියට.. බුදු අම්මේ බහිනකොට ලේ වතුර වෙලා, මයිල් කෙලින් වෙලා... නිකන් රෝල කෝස්ටර් එකක ගියා වගේ.. සමහර තැන්වල මීටර් ගානක් හෙල.. මූ ගන්නවා ගැනිල්ලක්.. දුන්නක් පැන්නොත් හරි පොඩි දෙයක් හරි වුනොත් දවස් ගානක් පෙරලෙනවා..

    ඒ හැකියාවනම් ඔය ප්‍රයීට් බස් කාරයන්ට නෑ.. උන් දන්නෙ හෝර්න් ගහන්න විතරයි..

    ReplyDelete
    Replies
    1. ඕකට උත්තරයක් ගෝල්ඩ් ෆිෂ්ටත් දුන්නා. යාන්තම් බලපත්‍රයක් ගත්තු ගමන් ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක තමයි ලොකුම අභාග්‍යය.

      ආයේ බොරු කියන්න ඕනියැ. මාත් ලයිසන් හම්බ උනු කාලේ ගිය හැටි මතක් වෙනකොට ඇඟේ මයිල් ස්මයිල් වෙනවා. පළපුරුද්ද හා අත්දැකීම් කියන එක ජීවිතයට අත්‍යාවශ්‍යයි.

      බස් රියදුරන්ට තේ බොන්න නවත්වන කඩවලින් ගංජා සපයන එකත් හැමෝම දන්නා ප්‍රසිද්ධ රහසක්.

      Delete
  10. ඉස්සර මිනිස්සු අපි වගේ වස විස කෑවේ නැනේ අකම ...ඉතින් කොස් පොලොස්වල හයිය ගය තමයි ඔය ! ලංගමේ ගැන කියනකොට නිසැකවම ඔබා මාමාව මතක් වෙනවානේ ඉතිං !

    ReplyDelete
    Replies
    1. වස විස නම් ඉස්සර අඩුයි දැනට වඩා. අනික දැන් කරන්නේ හොඳයි කියා කියා ජරාව දෙන ඒකනේ. හැබැයි හොඳ නෑ කියා කියා දෙන දේවල්නම් එදා ඉඳන්ම මාමගේ අනිවාර්ය පානයක්. :D

      ඔබා මාමා නැති පාඩුව හොඳටම දැනෙනවා රෙහානි.

      Delete
  11. මගේ නෑදෑ වෙන අයිය කෙනෙනක් ඉන්නවා සීටීබී රියදුරු. මිනිහත් එක්ක නම් යන්න බයයි.
    හයියෙන් යනවා කිසි පරිස්සමක් නෑ වගේ. කනට තියලා නවත්තන්නේ. එක පාරක් ට්‍රිප් එකක් යන්න මිනිහගේ සම්බන්ධකම් නිසා සිටීබි බස් එකක් අරගත්තා. පොරම තමයි ඩ්‍රයිවර්. ට්‍රිප් එක ගිහින් එනකං බොක්ක රත් වෙලා ආවේ.
    මේ ළගදි මිනිහත් එක්ක වෑන් එකක ගමනක් යන්න හම්බ උනා. බස් එකේ දාන වැඩ නෑ වෑන් එකේ. 50ට ස්පීඩ් කරන්නෙත් කළාතුරකින් වගේ. වෑන් හුරු නෑලු බස් විතරලු පුලුවන්..
    මිනිහත් දැන් බදුල්ල කොළඹ තමා වැඩ.
    බිත්තර හොද්ද මරුවට ඇති නේද??

    ReplyDelete
    Replies
    1. අපේ මාමටත් ටික කාලෙකට කලින් යාලුවෙක්ගෙ දානෙකට ගිය වෙලාවේ පන්සලට යන්න ඩොල්ෆින් එකක් හම්බවෙලා. කි.මී හතක එහායින් තියෙන පන්සලට යන්න විනාඩි 25යි. එන්න විනාඩි 15යි. ආයේ හාමුදුරුවරු පන්සලට වඩම්මන්න යන්න විනාදි10යි. එන්න විනාඩි 4යි. කොහොමද පරිණාමනය? :D

      වෙඩින් කාර් එකක් ගෙනියන්න ගිහින් පාරත් ඉඩ මදි උනාලු මුලදී. :D

      හොද්දනම් එල කිරි. ඊයේ රෑත් හැදුවා. අර උඹලගේ BBQ එක වගේ අල්ලලා ගිය කෑමක්.

      Delete
  12. අපේ අම්මා කිව්වා දවසක්, ඉස්සර ඔය ලංගම රියදුරන්ට මාරම හොද ට්‍රේනින් එකක් දෙනවලු. ඒ නිසා ඒ කලේ ලංගම රියදුරන්ට මාර තැනක් තිබුනත් එක්කලු.

    ReplyDelete
    Replies
    1. අප්පේ ඒ ට්‍රේනින් එකනම් මාරයි. අදටත් ප්‍රයිවට් ලර්නස් වලට වඩා පුහුණුව අති සාර්ථකයි. ගැනත් අඩුයි. පුහුණුව අවසාන වෙනකොට අලුත් සිංහල වචන සෙට් එහෙකුත් නොමිලේම ඉගෙන ගෙන. ඒ කාලේ ඩ්‍රයිවර් මහත්තයා කියලා කට පුරා කියන්න පුළුවන් සමනළී. ඒකට දැන්.

      Delete
  13. මට මතකයි අපේ ගමෙත් හිටියා සී ටී බී එකේ වැඩ කරන කෙනක්.. මනුස්සයට සම්මන්නත් හම්බුනා බස් එක කිසිම අනතුරක් නැතුව, රෙපෙයාර් එකක් නැතුව වැඩිම කාලයක් දිව්වා කියලා. පත්තර වල හිටන් ගියා විස්තරේ මම ගොඩක් පොඩි එකා කාලේ.

    ReplyDelete
    Replies
    1. එහෙම අයව තාමත් අගයනවා මම හිතන්නේ. ඕවට වෙනම පරීක්ෂණත් තියෙනවලු. මගියා ගාවින්ම බස් එක නවත්තන හැටි, කන්දකදී බස් එක නවත්තලා රෝද වලට බෝතල් තියලා ඒවා පෙරල ගන්නැතුව ආපහු යන්න වගේ දේවල්.

      Delete
  14. මේ කතාවත් එක්ක බස් ඩ්‍රයිවර් කතා කීපයක්ම මතක් උනා අකමා.. අපේ පාරෙ දිව්ව බස් එකක හිටියා පූසා කියලා ඩ්‍රයිවර් කෙනෙක්..මහ පත උඩු රැවුලක් තියෙන ..ඒ බොලාග් මාම්ද මන්දා ? ඔය කියන විදියටම තමා බස් එක නම් එලෙව්වෙ !

    ReplyDelete
    Replies
    1. හවසටම රිප්ලයි එකක් දාන්නම්.

      Delete
    2. ඔන්න හවස් උනේ දැන් තමා වෙනී අයියේ. අපි ඇතා කියලා කියන පොරක් ඉන්නවා. පාංශු දේහ ධාරී කෙනෙක්. දැන්නම් පෙන්ෂන් ගිහින් ගොඩක් කල්. මන් හිතන්නේ එයාද මන්දා ඔයා කියන්නේ.

      අපේ මාමා ළඟ බස් දුවන්නෙම නෑ. පොරට ඒවා ඇලජික්. හිමින් ගිහින් පුරුදු නෑලු.

      Delete
    3. දැන් තමයි කන්ෆර්ම් කර ගත්තේ. අපි දෙන්නම කියලා තියෙන්නේ එක්කෙනෙක් ගැන. එයා ගැනත් රස සිද්ධියක් තියෙනවා කියන්න. ඒකත් දාන්නම්කෝ.

      Delete
  15. අපේ ගෙවල් ලගත් ඔහොම ඒ කාලේ ඉදන්ම ඩ්‍රයිවින් කරලා හොද පලපුරුදු අංකල් කෙනෙක් ඉන්නවා. මිනිහා වයසක උනත් රේස් යන්න ආවොත් ඒ නොදන්නකෙනෙක් තමා..

    ReplyDelete
    Replies
    1. කොච්චර වාහනේ හොඳ උනත් වැඩක් නෑ බං. නැත්නම් ඔය රේස් වලදී එකම කන්ඩිෂන් එකේ වාහන ටික ඔක්කොම එකටම එන්න එපායැ.

      බොලාත් රත්නපුරේ නේද? හැබැයි මාමා ඔය පැත්තෙනම් නෙවෙයි. හෙහ්.. හෙහ්..

      Delete
  16. ලංගම මතක් වෙද්ද්යි අපේ පාසල් කාලය මතක් වෙන්නේ.උදේ 7.10 ලංගමය ඇතුලේ තිබුන විනෝදය.. චික් අපරාදේ අපි ඉක්මනින් ලොකු වුනේ...

    ReplyDelete
    Replies
    1. සුන්දර අතීතය....

      අපේ බස් එකේ කොන්දා අංකල්ගේ විනෝදාංශය තමයි මූණේ ඉරි අඳින එක. අපි ඒ කාලේ බට්ටොනේ. සීසන් එකත් අරන් බස් වලට කාපු කට්ට... හොදි ඕන්නෑ. බස් එක ඇතුලේ ළමයි විතරක් 150ක් විතර.

      ටිකක් ලොකු වෙනකොට මාමගේ බස් එකට සෙට් උණා. ඉස්කෝලේ සීමාව පහුවෙනකන් පයින් යන්න ඕනි කිලෝ මීටරයක් විතර. මොකද දුර බස්වල පොඩ්ඩෝ ගන්නෑනේ. සීසන් නම් අදටත් ගන්නෑනේ.

      ...//චික් අපරාදේ අපි ඉක්මනින් ලොකු වුනේ...// මොනවා කියන්නද මන්දා අසර්...

      Delete
  17. මාමා සීටීබී කියනෙකාටම මටත් මතක් උෙන් ඔබා මාම බං.

    ReplyDelete
    Replies
    1. ඔබා මාමාගෙන් කමෙන්ට් එකක් නොලැබීම ගැන කණගාටුයි රාජ්. ඒ වගේ හිත හොඳ කෙනෙක් ආයේ කවදා හම්බවෙයිද දන්නෑ.

      Delete