Monday, December 31, 2012

"ලොකු උනාම වෙන්න හිටපු එකා හා උන එකා" නොහොත් "Goals & Achievements"

     පුංචි කාලේ මගේ හිතේ තිබුනේ තාත්තා වගේ කෙනෙක් වෙන්න. මොකද කාලේ මගේ ලෝකෙ හිටපු වීරයා තාත්තා. ඒ හීනේ  එහෙම්මම තියාගෙන ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඔය කාලේ වෙනකොට අපේ රටේ යුද්දෙත් ටිකක් සැරට ගිය කාලයක්. රෑට ප්‍රවෘත්ති  බලනකොට පෙන්නන්නේ මැරිච්ච කොටි පෝලිමට තියලා සුදු රෙදි වලින් ඔතලා තියෙන දර්ශනයි, අල්ලගත්තු ආයුධ පෝලිමට තියලා ගල් රෝලකින් කුඩු කරන ඒවයි තමයි. ඉතින් සොල්දාදුවා කියන චරිතේ මගේ හිතේ හොඳට කාවැදිලා  තිබුණා. නිකම්ම නිකං සෙබළුත් නෙවෙයි, ගුවන් හමුදා සෙබළු තමයි මගේ වීරයෝ. ඔය අස්සේ ඉස්කෝලේ මිස්ලා   සර්ලා අහනකොට කවුරු වෙන්නද කැමති කියලා එකෙන්ම පැනලා  දෙන්නේ මොන උත්තරේද කියලා දන්නවානේ. 

මේක ගත්තේ...
     ඔය අව් අස්සේ මගේ නමේ පරහක්  ආවා. ඕකේ දිග පළල තරු වල දිග පළලට හරියන්නේ නෑ කියලා එව්වට හරියන නමක් දැන් කස්ටිය හොයනවා.  හුහ්.. උන්දැලට විතරක් මහන්සි වෙන්න දෙන්න පුලුවනෑ.  මංම එපායැ මගේ නම හොයාගන්න. 

මුලින්ම තිබුනේ "ධනුෂ්ක <Middle name><Surname>"

   පුංචි අකමා ගේමට බැස්සා. එතකොට වසරේ නැත්නම් වසරේ. දැම්ම නමක්.

  "ගුවන්  <Middle name><Surname>" කොහොමද නමේ ලස්සන? රයිමින් එකත් හරියටම හරි.  එකෙක්වත් ගණන් ගත්තේ නැති උනාට මං මක්කොරන්නද? මගේ පරණ පොත් අදිද්දීත් මුල් කවරේ ඔය  නම ලස්සනට ලියලා තියෙනවා හකුරු වගේ අකුරින්.

     ඊ ළඟට ලොක්කෙක් වෙන්න හිතාගෙන පහේ සිස්සත්තේ ගොඩ දාගෙන ගියා ලොකු ඉස්කෝලෙකට. අකමා ෆුල් මඥන්. තැනින් තැන තිබුණු හෝල් වෙනුවට ගිනිපෙට්ටි ඇහිරුවා වගේ ළඟ ළඟ බිල්ඩින්. මදිවයැ. ඒවත් තට්ටු පිට තට්ටු. ඒ කාලේ ඉස්කොලෙටම සුදු  සපත්තු දාන කිහිප දෙනාගෙන් එකෙක් වෙච්ච අකමා අලුත් ඉස්කෝලේ නිකංම නිකං සුදු කැන්වස් සපත්තු දාන කීප දෙනාගෙන් එකෙක් උණා. එහෙදි හිටපු මිස්ලා මෙහෙදී ටීචර් වෙලා.  අනාගත බලාපොරොත්තු "Future ambition" වෙලා. 

    හතර වෙනි පීරියඩ් එක ඉවරවෙනකන් අකමා ඉස්සර බලන් හිටියේ  මොනවා හරි කොටාබාන්න. එතකන් ඉන්න බැරිනම් දුවලා ගිහින්  අම්මගේ සාරි  පොටේ එල්ලිලා කන්න දෙයක් ගන්න එක හරි,  කැන්ටිමට දුවලා  අම්මගේ නම විකුණලා මොනා හරි කටේ ඔබන් දුවන  එක හරි සාමාන්‍ය  දෙයක්. ඒත් ලොකු ඉක්කෝලේ පස් වෙනි පීරියඩ්  එකට  පස්සේ තමයි ඉන්ටවල්. 

   ඔන්න ලොකු ඉස්කෝලේ ෆියුචර් ඇම්බින් අහනකොට මං කිව්වේ සෙබලෙක් වෙනවා කියලා. පන්තියේ උන්ගේ නෝන්ඩි හිනා අස්සේ  අන්තිමේදී අපිට ලැබුන උපදෙස් උනේ දොස්තර කෙනෙක්  හරි ඉංජිනේරුවෙක් හරි වෙන්න. ටික කාලෙකට පස්සේ උපදෙස් ලැබුණා රටට  වැඩදායී යහපත් පුද්ගලයෙක් වෙන්න කියලා. ඕක අපි ගිරව් වගේ  කටපාඩම් කරගෙන අහන අහන හැම එකාටම පොර වගේ කෙලලා  ඇරියට ඕකේ හරි තේරුම දැන ගත්තෙත් පස්සේ. 

   ඉතින් ඔහොම යද්දී වතාවක් කකුල පැටලිලා වැටුණා. මං නැගිට්ටා.  ආයෙමත් වැටුණා. දැන් ආයෙමත් නැගිටින ගමන්. ඒ කාලේ  බලාපොරොත්තුවෙන් හිටි සොල්දාදුවාවත්, දොස්තරවත් වෙන්න බැරි  උණා. ඉංජිනේරුවෙකුත් වෙන්න බැරි උණත් අරෙහෙන් මෙහෙන් කෑලි  අමුණන් වැඩ කරන්න දන්න හින්දා තාක්ෂණ ශිල්පියෙක් වෙන්න වරම් ලැබුණා. හැබැයි අර අමාරුවෙන් තේරුම හොයා ගත්ත වාක්‍යයේ රටට වැඩදායී කෙසේ වෙතත් කාටවත් ණයත් නැති, බයත් නැති, කරදරයකුත් නැති එකෙක් උණා කියන එකනම් ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඒකත් ඉතින් මම මං ගැන හිතන හැටි මිසක් අනික් උන් මං ගැන මොන  විදියට හිතනවද කියලා කවුද දන්නේ. නෙහ්.. :D

   රටට බරක් නොවෙන්නනම් ඉතින් අපි මුලින්ම පටන් ගන්න ඕනි  දේශීය දේවල් අගය කරමින්. (හෝව් හෝව් දැන් දේශීය දේවල් අගය කරන්න කියලා කැලෑ අස්සේ රිංගන්න යන්න එපා) ඕක අගයන්නත් ඉතින් නිකන් බැහැ නෙව. ආකල්පමය වශයෙනුත් වෙනසක් වෙන්න  ඕනි. සුද්දගේ දේවල් හොඳයි කියා කියා හිටියොත්, අපේ මුතුන් මිත්තෝ වගේ අපිට බෑ කියා කියා හිටියොත් වලේම තමයි. දැන් බලන්න අපේ  රටේ ඕන තරම් පොල් ලෙලි තියෙනවා. ඒත් අපේ උන් සෝබනේට  ගන්නේ ප්ලාස්ටික් කෙඳි තියෙන කොහු. වැලි කැට මග හල හලා සුද්දට  පින් දිදී අතුගානවා. 
   
   බිත්තරයි බටරුයි සුද්දගේ පිටියි දාගෙන අතේ  ජොයින්ට්  ගෙවෙනකන් කේක් බීට් කරනවා. ඊට පස්සේ ඒවා ගිලලා කොලෙස්ටරෝල් ෂුගර් කියා කියා නහිනවා. අර යසට තියෙන අඹ අන්නාසි අමතක කරලා ඇපල් ගෙඩි කනවා. කැප්පෙටියා කොළ අමතක කරලා වහ බෝතල් කුඹුරට වක් කරලා තමුන් ලෙඩ වෙනවා මදිවට  ඇලේ ඉන්න මාළු ටික මැඩියෝ ටික විනාශ කරනවා. බත් කූරෝ සමනල්ලු මරාගන්නවා.

        දෙයියනේ කියලා  අපේ රටේ දේශීයව නිෂ්පාදනේ කොරන සංස්ථා ටිකකුත් තොල ගාගෙන "සුද්දා අපිට පුරුදු කරපු බීම" ගැන ආදීනව කියා කියා හවහට සෙට් එක මැද පණ්ඩිතයා වෙනවා. ඒත් පොඩ්ඩක් හිතුවොත් ඔය දේශීය පානේ සුද්දට කලින් අපේරටේ තිබුන්නැද්ද? එකම වෙනස සුද්දගේ නීතියෙන් ඕවට තියෙන  "ලජ්ජා බය නැති කරපු" එහෙමත් නැත්නම් ඉස්සෙල්ලා ඇඳ යටට රිංගලා බීලා කට පිහදාගෙන එන එකා වෙනුවට පොඩි එකාගේ  බර්ත්ඩේ එකට පොඩි එකාව උකුලේ තියාගෙන බෝතල් හිස් කරන සමාජයක් බිහි කරපු එක විතරයි.

  මම ඇමෙරිකන් විරෝධී ෂෝ කාරයෙක් නෙවෙයි. ඒත් අපේ රටේ දේවල් වලට මුල් තැන දීලා අපේ කමට මුල් තැන දීලා රටට බරක් නැති, සිංහල කමට බරක් නැති මනුස්සයෙක් කියන එකනම් කියන්න පුළුවන්. ඒ කාලේ පොඩි පොඩි  බලාපොරොත්තු ලොකු වෙනකොට පොඩ්ඩ පොඩ්ඩ වෙනස් උනත්  අන්තිමේදී සතුටු වෙන්න පුළුවන් මට්ටමක තියෙනවා.

 ඉතිං,

ලබන්නා වූ 2013 අලුත් අවුරුද්ද 

රටට බරක් නැති
රටට ණයක් නැති
රටට දැයට වැඩදායී

යහපත් පුරවැසියෙක් වේවා!


කියලා ඔබ සැමට සුභ ප්‍රාර්ථනා කරනවා.

38 comments:

  1. රටට බරක් නැති
    රටට ණයක් නැති
    රටට දැයට වැඩදායී

    යහපත් පුරවැසියෙක් වේවා!

    ඒ වගේම පර්ස් එකත් බර වේවා ! :D

    ReplyDelete
    Replies
    1. යහපත් පැතුමක්. හි හි

      ඔයාටත් එසේම වේවා! ලිහිණියෝ...

      Delete
  2. Replies
    1. ඔබටත් එසේම වේවා!

      Delete
  3. අද ලියැවිල්ලට නම් මම ලයික්... දේශීය දේ අගයන හැගීම ජනතාවගේ සිත් සතන් තුල පැල පදියම් වෙන්න නම් රජය ඒ සදහා සාධාරණ මැදිහත් වීමක් කල යුතුයි.

    නව වසර සුභ වේවා !

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සිරා. රජයේ මැදිහත් වීම අත්‍යාවශ්‍යයි. ඒත් ඒක හඳුනාගන්න මිනිස්සුත් අවශ්‍යයි. සමෘර්ධි සහනාධාරය දුන්නේ (යටි අරමුණු තිබ්බත්) මිනිස්සුන්ව නැගිට්ටවන්න. ඒත් අපේ මිනිස්සු ඒක පිං පැදියක් විදියට තමයි ගන්නේ. එහෙම නොසිතා ඒකෙ නියම අරුත හඳුනාගත්ත කට්ටිය ගොඩ ගියා.
      මුඩුක්කු/ පැල්පත් වාසීන්ට ගෙවල් හදලා දුන්නා. ඒවා කුලියට දීලා අයිතිකාරයෝ ආපහු පැලේ.

      අපි හැමෝම තම තමන්ට පුළුවන් විදියට කැපවෙන්න ඕනි. "අනිත් එකාට කෙලෝලා හරි තමන් හැදෙන්න ඕනි" කියන සංකල්පයෙන් ඈත් වෙලා "අනිත් එකාට ආදර්ශයක් වෙන්න තමන් හැදෙන්න ඕනි" කියන මට්ටමට එන්න ඕනි.

      සිරාගේ අදහස එතකොට වඩාත් සාර්ථක වෙයි.

      ඔබටත් පවුලේ හැමෝටමත් සුභ නව වසරක් වේවා!

      Delete
  4. අයියටත් සුභම සුභ මෙව්ව එකක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඔබටත්... පවුලේ හැමෝටමත් එහෙම්මම එකක් වේවා!

      Delete
  5. කැප්පෙටියා කොළ අමතක කරලා වහ බෝතල් කුඹුරට වක් කරලා තමුන් ලෙඩ වෙනවා මදිවට ඇලේ ඉන්න මාළු ටික මැඩියෝ ටික විනාශ කරනවා.
    ඒ මදිවට තමුංගෙ අතේ තියෙන සල්ලි ටිකත් කෙලෝගෙන ණය වෙලා ගොවිතැන් කරන්න වෙනව. ඇයි ඕව නැතුව ගොවිතැන් කළා කියල ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ.

    අකම්ටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. තේරෙන්නැතුව නෙවෙයි ප්‍රසා අයියේ, අපේ මිනිස්සු කරන හැම වැරද්දක්ම කරන්නේ දැනගෙන. එකම වෙනස උවමනාවක් නැති කම. කම්මැලි කම.

      අද හවස මං සමන් දේවාලේ ගියා. පහන් වැට ගාව හඳුන්කූරු වල පොලිතින් කවර. එතනම ඊට ටිකක් මෙහායින් කුණු දාන්න තැනක් තියෙනවා. එතන පහු කරගෙන තමයි යන්න එන්න තියෙන්නේ. ඇයි මිනිස්සු එහෙම වෙන්නේ? අපි පටන් ගන්න ඕනි එතනින් නේද?

      Praසන්ன අයියටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  6. අද පෝසට් එකනම් නියමයි.. හැමෝම දන්න ඒත් කවුරුත් හිතන්නේ නැති දෙයක් ගැන ලියලා තියෙන්නේ..
    සුභම සුභ නව වසරක් වේවා..
    සියලු සිතුම් පැතුම් සාර්ථක වේවා!!

    ReplyDelete
    Replies
    1. දුටු නොදුටු....

      අපි දකින ඒත් නොබලන දේවල් කොච්චර මේ ලෝකෙ තියෙනවද? ඒ දේවල් ලැබුවාවූ අලුත් අවුරුද්දේ හැමෝටම දකින්න වාසනාව ලැබේවා! කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.

      ඔයාටත්, ඔයාගේ පිස්සිටත් පවුලේ හැමෝටමත් ලැබුවාවූ අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් සාර්ථකව ඉටුවෙන ඉසුරුබර සුභ නව වසරක් වේවා!!

      Delete
  7. හමුදාවකට බැඳීමේ ආසාව ඇත්තටම පිරිමි ළමයින්ගෙන් 60% කට විතර තියනවා. හැබැයි අන්තිමට එයින් 10% - 15% විතර තමයි බැඳෙන්නේ. එක ඒ අයගේවත් හමුදා වලවත් වැරැද්දක් නෙවෙයි. කාලීනව සිදුවන ආකල්පමය වෙනස්කම් නිසි බොහෝවිට එහෙම වෙන්නේ. හමුදාවකට නොබැඳුණත් රට සේවය කරන්න කොච්චර අවස්ථාව තියනවද? පාර අතුගාන පුද්ගලයා එය නොකලත් එහි ප්‍රතිඵලය දැනෙන්නේ අපටමනේ. ඉතින් ඔහුත් කරන්නේ රටට සේවයක්.

    2013 ඔබට සුබ නව වසරක් වේවා!

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඉතාම වැදගත් අදහසක් ඔබතුමා මතු කලේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ රට වෙනුවෙන් වැඩක් කරන්නනම් එක්කෝ යුද්දෙට යන්න ඕනි නැත්නම් පාර්ලිමේන්තුවට යන්න ඕනි කියලා. අන්න ඒක නිසා තමයි අපිට ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙන්නේ. ඉංජිනේරුවා, වෛද්‍යවරයා ඉතාම ඉහල තලයක ඉද්දි ගොවියා ඉන්නේ පහලම ස්ථරයේ.

      අපේ රටේ උගන්වන්නේ හැමෝම ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් වෙන්න ඕනි කියන මට්ටමින්. එතකොට අනික්වා කරන්න ඉන්නේ කවුද?

      ඔබටත් පවුලේ සැමටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් සාර්ථකව ඉටුවෙන ඉසුරුබර සුභම සුභ නව වසරක් වේවා!!

      Delete
  8. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා...........

    ReplyDelete
    Replies
    1. ඔබටත්, ලැබුවාවූ අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් සාර්ථකව ඉටුවෙන ඉසුරුබර සුභ නව වසරක් වේවා!!

      Delete
  9. ඔබටත් පව්ලේ සැමටත් සුභ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. රෙහානිටත් එසේම වේවා! මහත්තයටත් දෙන්නගේම පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා!

      Delete
  10. ම්ම්ම්.. මොකද මේ අපි දෙන්නම එක වගේ දේවල්ම ලියන්නේ මේ දවස් ටිකේ... හි හි

    සුබ නව වසරක් වේවා අකමෝ.. හි හි

    ReplyDelete
    Replies
    1. මමනම් හිතන්නේ හිරුවා මගෙන් කොපි කරනවා කියලා. මොකද මන් සතියකින් විතර හරියකට නෙට් එක පැත්තේ ආවේ නෑ. හි හි...

      සමහර දේවල් තියෙනවා එකම කාලයකදී සම්බන්ධතාවයක් නැතුව එකම දේ සිද්ධ වෙන. ඔයාට ඈනුමක් යනකොට හොරෙන් වට පිට බලන්න. ලඟම ඉන්න තව කෙනෙක් ඈනුමක් යවනවා පෙනෙයි. ඉතිහාසේ ගත්තත්, ආගමික පුනරුද එන්නේ එක යුගයක. දේශපාලන, තාක්ෂණ පුනරුද උනත් එකිනෙකට නිරපේක්ෂව එකම කාලයකදී සිද්ධ උන බවට සාධක තියෙනවා.

      ඉතින් අපි ගැන කවර කතාද?

      හිරුටත්, මහත්තයටත්, දෙන්නගේම පවුලේ සැමටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් සාර්ථකව ඉටුවෙන ඉසුරුබර සුභම සුභ නව වසරක් වේවා!!

      Delete
  11. සියලු ප්‍රාර්ථනා මල් පල ගැන්වෙන, සතුට පිරුණු සුබම සුබ නව වසරක් වේවා මචං..!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! ඔබටත්, පවුලේ සැමටත්.

      මං මේ ඇරියස් අල්ලනවා බන්. දැන් උඹේ පහුගිය පොස්ට් ටික බලලා ඉවර කළා විතරයි. එළකිරි කතා ටිකක් තිබුණා.

      ජයෙන් ජය!!

      Delete
  12. සියළු පැතුම් ඉටුවන පර්ස් එක බර වන සුභ නව වසරක් වේආ

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා!!!

      Delete
  13. ඔයාට හිතේ තියන සියලුම බලපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත නව වසරක් පතනවා

    ReplyDelete
    Replies
    1. ඔබටත්, ඔබේ පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා!

      Delete
  14. අපිත් ඔහොම වෙන්න ට්‍රයි කරමිනුයි ඉන්නෙ.
    අකමාටත් පවුලේ සැමටත් දුකින් තොර සැපෙන් බර වාසනාවන්ත නව වසරක් වේවා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සිතුවිල්ල යහපත්.

      හෙන්රි අයියටත්, පවුලේ සැමටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් සාර්ථකව ඉටුවෙන ඉසුරුබර සුභ නව වසරක් වේවා!!

      කොහොමද ගමන? කීයටද ආවේ?

      Delete
    2. හවස පහයි ගානකට චෙක් ඉන් පටන්ගත්තා. ෆ්ලයිට් එක අටයි ගානකට. ඒ කෙන් බැහැලා ඩොමෙස්ටික් ප්ලේන් එකකට නැග්ගා. ඊට පස්සෙ ස්පීඩ් ලෝන්ච් එකකින් ඇවිත් මේ දූපතට එනකොට එකට විතර ඇති. ටැක්සි කාරයෙක් සෙට් කරලා තිබ්බා ඉස්කෝලෙන්ම. නමුත් ඒකාට හොඳටම නින්ද ගිහින්. පස්සෙ පැයක් විතර හාබර් එකේ ඉඳගෙන ඉඳලා දෙකයි ගානකට ගෙදරට ආවා. ඇවිත් වැටිලා නිදාගත්තා එලිවෙනකල්. :)

      Delete
  15. ඩූඩ් ගේ පෝස්ටුව හරහා තමයි මෙතැනට එන්න පාර හොයා ගත්තේ. එන්නම් දිගටම දැන්.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා නලීන් අයියේ. ඔයාගේ පැත්තෙනම් මන් කරක් ගහනවා.

      ඔය හෙන්රි අයියා ඉන්නවා නේද? එක්කෝ ඕනි නෑ. ඔයාවත් මතක් කරලා තිබුණා දවසක්

      Delete
  16. නව වසර සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත්, පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා!

      Delete
  17. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. ගුණ පිරි ලිපි වැඩි වැඩියෙන් ලිය උනොතින්
      ලැබෙනා හිට්ස් දෙතුන්වර වැඩි උනොතින්
      කමෙන්ටු දෙසීය මේ බොග්ගේ පැන්නුවොතින්
      සත්තයි දෙනව උම්මා, නුඹ මෙහි ආවෝතින්

      කකා මේ පැත්තේ ආව එකත් සතුටක්ම නොවැ.
      එහෙනම්, ලැබුවා වූ නව වසර ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!

      Delete
  18. මගෙත් පොඩි කාලේ ආසාව තිබුනේ ගුවන් භටයෙක් වෙන්න.කාලයත් එක්ක ආසාව නැති වෙලා ගියා.

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අපේ හිත්වල පිපුණු පුංචි පුංචි ආසාවල් කීයක් බොඳවෙලා ගිහින් ඇද්ද? ඒ වගේම තමයි එතනින් සමහරක් ගැන දුකක් වගේම සමහර දේවල් බොඳවීම ගැන සතුටු වෙන්න පුළුවන් අවස්ථාත් තියෙනවා.

      ඉතින් අසර්, ඔයාට ලැබුවාවූ සුභ නව වසරේ යහපත් අරමුණු, ඉලක්ක සියල්ල සපුරා ගැනීමට වාසනාව, ධෛර්යය ලැබේවා! කියලා ඔන්න අකමාගෙනුත් සුභ පැතුමක්.

      Delete