තම වාරය පැමිණෙන තෙක් පියුමි, නිසල් සමඟ ගැහෙන හදවතින් යුතුව රැදී සිටියාය. මොහොතකට පෙර වෛද්‍යවරයා හමුවට ගිය තරුණියගේ විලාපය ඇගේ සිත බෙහෙවින්ම චංචල කරවන්නක් විය.
"අපි බඳිමු........"
"පිස්සු කියවන්නෙපා පැටියෝ. අපේ අප්පච්චි තාම කම්පැණි එකේ වැඩට එන්න කියලා තාම මාසයයි. දැන්ම කොහොමද මේවා අහන්නේ. අපි තව ටික දවසක් මේවා සෙට්ල් වෙනකම් ඉඳලා අහමු. නැත්නම් දන්නවනේ අප්පච්චිලගේ හැටි."
ඇගේ සිත කොතරම් දුර ගියද කෙඳිරියක් බවට පත්වෙමින් තිබූ විලාපය හමුවේ නැවතත්, නැවත නැවතත් පියවි ලෝකයට පැමිණෙයි.
"බය වෙන්නෙපා නංගි. ටිකක් විතර රිදෙයි. ඒත් ජීවිත කාලෙම විදෝනවට වඩා මේක හොඳයි."
වෛද්‍යවරයා හමුවට යාමට පෙර උපදෙස් ලබාගැනීම පිණිස ගිය අලුතින් හඳුනාගත් යෙහෙළිය කීවාය.
"ඒත් මට බයයි අක්කේ"
"බයවෙන්නෙපා ළමයෝ. ඒ ඩොක්ට හරි හොඳයි. අනික නර්ස් කෙනෙකුත් ඉන්නවනේ. ඔයාට කරදරයක් වෙන එකක් නෑ."
හිත හදාගෙන මෙම ගමන පැමිණීමට පියුමිට මෙම වදන් රුකුලක් වුවද මෙතැනට පැමිණි පසු නැගිට යාමට සිතුණු වාර ගණන අනන්තය.
බොහෝ හෙම්බත් වූ ගතින් යුතුව කඳුළු පෙරමින් මෙතෙක් වෙලා විලාප තැබූ යුවතිය හෙදියගේ ආධාරයෙන් පැමිණියාය. සුළු මොහොතකින් තම වාරය එළඹෙන බව දැනගත් පියුමි නිසල්ගේ සුරත තද කර අල්වා ගත්තාය. ටික වෙලාවකට පසු මොහොත එළඹිණි. නිසල් සමඟ කාමරය තුලට ගිය ඈ මස් කඩයකට ගෙන යන එළදෙනකගේ තත්ත්වයට පත්වී සිටියාය.
"හා මෙච්චරක් කල් තුරුල් වෙලා හිටියා මදෑ. දැන්වත් ඔයා එලියට ගිහිං ඉන්නකෝ."
කට ඇද කරමින් පැවසූ දෙය වටහා ගැනීමට තරම් පියුමිගේ සිත සන්සුන් නොවීය.
"බයවෙන්නෙපා සුදූ. ඔක්කොම හරියයි"
නළල මතින් හාද්දක් තබා පිටව යාමට සූදානම්ව නිසල් පැවසීය.
"ඒ මනුස්සයා ඔහොම නොකලනම් තමයි පුදුමේ මෙච්චර ලස්සන කෙලි පැටියෙකුට"
හෙදිය මුහුණට එබෙමින් පැවසුවාය.
"ආ දැන් ලෑස්ති වෙන්නකෝ. ඩොක්ටත් එයි. කෝ ගලවන්න ඔය ඇඳුම"
වැඩිවියට පත් වූ පසු නිසල් ඉදිරියේ පමණක් ලිහිල් වූ සළු පිලි නැවතත් උනා දමන්නට ඇය තරමක් පසු බසින්නට විය.
"හුරතල් වෙන්නැතුව ගලවන්න ඩොක්ට ආවොත් බැනුම් අහන්න වෙයි"
අසරණ වූ මුව පොව්වෙකු මෙන් හෙදියගේ බසට අවනත වූ තරුණිය තම යටි කය වසා තිබූ ඇඳුම ඉවත් කෙරුවාය.
"මොකෝ මේ බාගෙට හෙලුවැල්ලෙන්. ඉතුරු ටිකත් ගලවන්න." මෙතෙක් වේලා පිටුපා සිටි හෙදිය ඇය දෙස හැරුණු වහාම පැවසුවාය.
"උඩට මුකුත් කරන්නෑනෙ සාය විතරක් ගැලෙව්වම ඇති. හැබැයි මතක තියාගන්න සැහැල්ලු ඇඳුමක් ඇඳන් යන්න."
කිහිප දිනකට පෙර හමුවූ නාඳුනන යෙහෙළිය පැවසූ වදන් ඇයට සිහිවිය.
"බ්ලවුස් ඒක ගලවන්න ඕනි නෑ නේද මිසී."
ගැහෙන වදනින් පියුමි ඇසුවේ නිරුවත වසා ගැනීමේ අවසන් උත්සාහයද දරමිනි.
"මේකනේ දරුවෝ. කවුරු උනත් ආසයිනෙ ලස්සන දකින්න. කෝ ගලවන්න ඕක."
බැනුම් අසන්නට වේදෝයි බියෙන් ඇසු ප්‍රශ්නයට අමුතුම පිළිතුරක් එක් කල හෙදිය ඇයට නිරුවත් වීමට උදවු වන්නට වුවාය.
වවුලගේ ගෙදර ආවානම් ඒ විදියට සිටිය යුතුයැයි යන කියමන සිහිවූ පියුමි ඇයට අවනත වුවාය.
මොහොතකින් ගැලවුම්කාරයණන් ඔවුන් ඉදිරියේ පෙනී සිටින්නට විය. ඒ අන් කවරෙක්වත් නොව ජීවිතයේ සිවු වැනි දශකය පසු කරමින් සිටින වෛද්‍ය තෙමේයි. පියුමිගේ වත දෙස කෑදරයෙන් බලා සිටින වෛද්‍ය තෙමේයි.
"ඩොක්ට, මන් කිව්වේ අදනම් ඩොක්ටගේ හොඳම දවස කියලා"
හෙදිය මද සිනාවක් පාමින් කර්ටන් ඇද දමා කාමරය තුල තවත් කාමරයක් නිර්මාණය කෙරීය.
"අ.. අ.. අනේ එපා..."
සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් වටහා ගත් පියුමි කොඳුලාය. ඉන් ප්‍රයෝජනයක් නැති කල හයියෙන් කෑ ගැසුවාය.
" සද්ද දැම්මට වැඩක් නෑ කෙල්ලේ. එළියෙන් කවුරුවත් මේක අස්සට එන්නෑ ඔයාව බේරගන්න. උන්ට ඕනි ඔයාගෙන් බේරෙන්න. ඔයාට ඕනි නම් නැගිටලා යන්න පුළුවන්. එහෙම නැත්නම් සැපකුත් අරගෙන කරදරෙන් නිදහස් වෙන්නත් පුළුවන්."
දාහකුත් සිතිවිලි අතරේ යකාගේ කම්මල මෙන් වූ ඇගේ ඇගේ හිසට දෙසවනින් ගලා ආ වදන් වලට අනුගත වීම හැර අන් සරණක් නොමැති බව ඇගේ සිතිවිලි වලට අවබෝධ වන්නට විය.
දහදියෙන් පෙඟුණු සිරුර මත මදක් වෙහෙසුණු වෛද්‍යවරයා අවසන හෙදියත් සමඟ එක්වී පැල වීමට සුදුසු යැයි සන් කල උණුසුම් වී ඇටයක් සුනු විසුණු කරන්නට විය.
දොර විවර වනවිටම දෑතේ හිස රුවා ගෙන සිටි නිසල් කාමරය තුලට වැදුනේය. ලෙයින් පෙඟුණු රෙදි කැබලි කීපයක් හෙදිය විසින් කුණු බක්කියට දමද්දී වෛද්‍යවරයා විසින් පියුමිව රැක බලා ගත යුතු ආකාරය ගැන උපදෙස් දෙන්නට විය.
ගතට වඩා හිතින් වෙහෙසට පත් වී සිටි පියුමිව ලයට තුරුළු කරගත් නිසල් කාමරයෙන් පිටවී ගියේ දහසින් බැඳී පියලි වලින් තම පෙම්වතිය හා තමාව අපවාදයන්ගෙන් බේරා ගත් උදවියට සංග්‍රහ කරමිනි.
"ඔයාට මුලදිනම් ගොඩක් රිදෙන්න ඇති නේද පැටියෝ. මට ඔයා කෑ ගහනවත් ඇහුනා"
හඬන්නට කඳුළු නොමැතිව කාරයේ වීදුරුවට හිස තබා ගෙන සිටි පියුමිට සිහිනයෙන් මෙන් ඇසෙන්නට විය.
අකමෝ... මේක නම් අන්තිම අප්සට් කතාවක් බං... හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා.... කොල්ලට බනින්නද කෙල්ලට පව් කියන්නද කියලා...
ReplyDeleteඇත්ත තිත්තයිනේ හිරුවෝ...
Deleteදොස්තරයා බොර දියේ මාළු බාන ජාතියේ පොරක්.
මං බාගෙට කියෙව්වෙ.. ඉතුරු ටික කියෙව්ව නම් මොනිටරේ පොළවෙ ගහනව.. ඇඟේ ලේ රත් උනා.. හපෝයි
ReplyDeleteමොනිටරේ පොළොවේ ගහන්න එපා සහෝ. එහෙම හිතෙන වෙලාවට මාව දැනුවත් කරලා ගේ දොරකඩින් පරිස්සමින් ගෙනත් තියන්න. :D
Deleteඔයිට වඩා දේවල් සිද්ධ වෙනවා යසිත් මේ ලෝකෙ. වෙන කතන්දරයක් මං ලිව්වා නෝට් පෑඩ් එකේ. පිටු දෙකක් විතර ලියලා පස්සේ වෙලාවක ඕපන් කරලා බලනකොට ???? ගොඩාක්....
වෙලාවේ හැටියට ඒකත් දාන්නම්කෝ....
හරිම සංවේදීයි..ඇත්තම කතාවක් නොවේ කියලා හිතනවා...මොකද ඇත්තක් නම් රෝගයකට බෙහෙත් ගන්න වෛද්‍යවරුන් ලඟට යන්නත් දෙපාරක් හිතන්න වේවී.
ReplyDeleteස්තුතියි ලිහිණි,
Deleteමේකේ නම් ගම් වෙනස් උනාට මේ සිද්ධියට මුහුණ දීපු අය සංඛ්‍යාත්මකව ගත්තොත් සිය දාස් ගුණයක්. හැබැයි රෝගයකට බෙහෙත් ගන්න යන්නනම් මැලි වෙන්න එපා. මොකද හැම ලෙඩක්ම බ්ලැක්මේල් කරන්න බෑනේ.
ඔහොම සිද්ධි නැත්තේම නෑ. මේ ලඟදි පත්තරේ තිබුන දොස්තර කෙනෙක් විදිහට රඟපාලා ගැහැණු අයව පරීක්ෂා කරපු මේසන් බාස් කෙනෙක් ගැන. පහුගිය කාලේ එහෙන් මෙහෙන් තව අහන්න ලැබුන නේද ඔහොම දේවල්..
ReplyDeleteඇයි අර පාසල් සිසුවියන් පරීක්ෂා කරන ගමන් වීඩියෝ කරපු දොස්තර. ඔය වගේ මිනිස්සු ඉන්නවා හැම ක්ෂේත්රයකම බොහොම සුළුතරයක්. හැබැයි ගබ්සා මධ්‍යස්ථාන වලනම් ඒක අනිත් පැත්ත.
Deleteආආ.. තව දෙයක් අමතක උනා. කතරගම (වගේ තමයි මතක) රෝහල් කම්කරු සේවිකාවක් ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිහින් තිබුණා ඩොක්ට කෙනෙක් විදියට පෙනී ඉඳලා.
වරදට දඩුවම්...! හවුලෙ කරපු වරදට එක්කෙනෙක්ට වැඩියෙන් දඩුවම්...!
ReplyDeleteගබ්සාවනම් මහ පොලව නුහුලන අපරාධයක්...
මේක මහා තුච්ච සමාජයක්...
පෙරහැර ගියායින් පස්සේ දඟලන එක වැඩක් නෑ නේද සෙන්නෝ. නොසැලකිල්ල තමයි මූලික හේතුව. අන්තිමේදී පව් පුරෝගන්නවා.
Deleteසමහර කාලකන්ණි ඉන්නවා දරු පැටියා ඉපදෙනකම් ඉඳලා කුණු බක්කි වලට දාන. ඊට වඩානම් හොඳයි කියලා හිතුනත් කොයිවත් අපරාධම තමයි.
අපොයි මහම මහ ජරා කතාවත්..
ReplyDeleteසිකේ... මන් හොඳයිනේ...
Deleteහැබැයි ඇත්තත් ඕකමයි බණ්ඩො
මේක බොරුවක් නෙවෙයි.. හැබෑවටම සිද්ධ උන.. අදටත් සිද්ධ වෙන දෙයක්... නීත්‍යානුකූලව නොකරන දේකදී සදාචාරය හා වෘත්තීය ගරුත්වය වැනි දෙයක් ගැන හිතන්න ඕනද..? අනිත් දේ මේක කරන්න යොමු වෙලා ඉන්න අයගෙන් වැඩි හරියක් පිළීගත් සුදුසුකම් ඇති අය නෙවෙයි... පස්යාල පැත්තේ මෑතක් වෙනකල්ම හිටියා මේ ජාතියේ පොරක්... මෑන් මගේ යාළුවෙකුගේ යාළුවෙක් මෑන්ට සහයට ඉන්න ගෑණිත් සල්ලි දෙනවනං ඕන දෙයක්.. ගෑනිම තමා සයිස් කරලා දෙන්නේ... හුගාක් වෙලාවට මේවට එක්ක යන කොල්ලොත් දන්නවා තමන් එක්කගෙන ගිය කෙල්ලට වෙදා අරිනවයි කියන එක... ඒත් මිනී මරන්න හිත හදාගත්ත එකාට කෙල්ල වෙදාට දෙන්න හිත හදා ගන්න එක මහ කජ්ජක්ද..? අනිත් දේ තමා ගබ්සාවක් කලාට පස්සේ කොල්ලා කෙල්ලව මග ඇර යාමත් සියයට අනූ නවයක්ම සිද්ධ වෙන දෙයක්... ඒකට එක හේතුවක් බවට මේකත් බලපානවා...
ReplyDeleteඔව් මාරයියේ,
Delete...//ගබ්සාවක් කලාට පස්සේ කොල්ලා කෙල්ලව මග ඇර යාමත් සියයට අනූ නවයක්ම සිද්ධ වෙන දෙයක්//....
ඕකට තව හේතුවක් තමා දරුවන් හැදීමේ හැකියාව අඩුවීම. (ඒකට කලලයේ වයසත් බලපානවා.) කවුද කැමති වඳ ගෑනියෙක්ව බඳින්න.
අතහැර යාම ගැනත් දාන්න හදලා පොස්ට් එක දිග වැඩි නිසා දැම්මේ නෑ. දැන් ඒකත් සම්පූර්ණයි.
සමහර අය කියනවා ගබ්සාව නීති ගත කරන්න ඕනි කියලා. හැබැයි මේක නීති ගත කලොත්නම් ගබ්සාවට පෙළඹෙන අය තවත් වැඩිවෙයි. මොකද මේ වෙනකොට තියෙන තැන් හොයා ගැනීමේ අපහසුව, වියදම, ජීවිතය පිළිඹඳ අවිනිශ්චිතතාව, නීතියට ඇති බය වගේම සමාජ පිළිකුලත් නැති වෙනවානේ. එතකොට පනින රිලවුන්ට ඉනිමං හම්බ උනා වගේ තියෙයි.
අකමෝ...
Deleteමේකේ කමෙන්ට් ටිකත් එක්ක කියවන්න.....
ඔය කියන එක කරනවනම්, කරන්න ඕනේ කොහොමද කියලා මට හිතෙන හැටි...
///සමහර අය කියනවා ගබ්සාව නීති ගත කරන්න ඕනි කියලා. හැබැයි මේක නීති ගත කලොත්නම් ගබ්සාවට පෙළඹෙන අය තවත් වැඩිවෙයි. ///
ඔය කියන එකේ තව පැත්තක් තියෙනවා...
තරාදියෙත් දෙපැත්තක් තියෙනවනෙ හිරු. තමන්ගේ අදහස් සමාජයේ අනිත් අයගේ අදහස් වලින් ඕක කොයි පැත්තට බර උනත් තමන්ගේ අදහස් වලින් (තමන්ගේ දෘෂ්ඨියෙන්) ඕක වෙනස් වෙන්න පුළුවන්.
Deleteදැන් මට වෙලා තියෙන්නේ ඕකනේ :D
මෙක ඇත්තටම වෙන දෙයක් අකමෝ.. මටත් පුද්ගලික කන්දොස් කිරියා දෙකක් අහන්න ලැබුනා.. එකක් ඩුප්ලිකේෂන් පාරේ ඉතා ප්‍රසිද්ධ ස්ථානයකදී අනෙක කඩවත පැත්තේ වෙන්ට ඕන.. අසරණ වෙච්චි උං තවත් අසරණ කරන මුරුගයින් ඉන්නවා බං... ඒත් උන්ටත් උරුම විය යුතු දෙයක් කියලයි මම හිතන්නේ.. ඇයි තවත් එක් මහා පාපකාරි ක්‍රියාවක් කරන්ඩ නෙව යන්නේ. හොදට තියෙනවා මචෝ
ReplyDeleteමේක මං පුද්ගලිකව අහපු දැකපු දෙයක් නෙවෙයි. ඒ අතින් දේශකයාට මීට වඩා සුපිරි පොස්ට් එකක් කරන්න වස්තු බීජ තියෙනවානේ. ඒවත් දැනගන්න ලිව්වනං. අඩුම ගානේ එකෙක් හරි හැදෙයිනේ.
Delete..//ඒත් උන්ටත් උරුම විය යුතු දෙයක් කියලයි මම හිතන්නේ.. ඇයි තවත් එක් මහා පාපකාරි ක්‍රියාවක් කරන්ඩ නෙව යන්නේ.//...
මෙතැනදී වැඩියෙන් අසරණ වෙන්නේ කෙල්ල. මොකද කොල්ලගේ ආදරේ රැක ගන්න මේ වගේ දේවලට අකමැත්තෙන් හරි කැමති වෙන අවස්ථා බහුලයි. (මොකද තාමත් අපේ රටේ ලිංගික ක්‍රියාකාරකම් වලට කෙල්ලෝ විසින් කොල්ලන්ව පොළඹවන අවස්ථා අඩුයි). පස්සේ ලෝකෙට මූණ දෙන්න බැරි වෙනකොට ගබ්සාවටත් අකමැත්තෙන් හරි පෙළඹෙනවා.
ස්තුතියි කමෙන්ට් එකට.
කතාවනං නියමෙට ලියල තියෙනව අකමෝ.
ReplyDeleteඒත් ඉතිං මොනව කරන්නද මේක තමයි යථාර්ථය. තමුං මුලිංම පරිස්සං උනානං ඔය මොකවත් නෑනෙ.
කොහෙද ප්‍රසා අයියේ, මදනායක මහත්තයා ගැහුව ගමන් අපේ උන්ට පරිස්සම අමතක වෙනවනේ. මතක් උනත් ඒ අල්ල පනල්ලේ කොහෙන් හොයන්නද ආරක්ෂිත උපක්‍රම. ඔන්න බැඳපු උන් ළඟනම් ඇස්ට්‍රා එකක් හරි තියෙනවා.
Deleteකියවන්න අරන් ගොඩක් කල් වුණත් කමෙන්ට් එකක් දාන්න හිතුවේ නැහැ මෙච්චර කලකට.ඒත් මේක කියෙවුවාට පස්සේ කමෙන්ට් නො කර බැරි වුණා.
ReplyDeleteඔය වගේ දේවල් කරන්න ලෑස්ති වෙලා ඉන්න දොස්තරලාටත් (උන්ට දොස්තර කෙනෙක් කියලා කියන්නත් ලැජ්ජයි ),තමන්ගේ පෙම්වතියව බඩ දරු කරලා ගබ්සා වලට යොමු කරන තුච්ඡ පෙම්වතුන්ටත් හෙණ ඉල්ලනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ.
රටේ ලෝකේ කී දාහක් තමන්ගේ දරු පැටියෙක් ලබා ගන්න නැතුව දුක් විඳිනවාද?කසාදෙට කළින් තමන්ගේ පෙම්වතා වුණත් ඕනවට වඩා විශ්වාස කරලා ඔය දේවල් කර ගන්න ගෑණු ළමයින්ටත් මේවා හොඳ පාඩම්. මේ වගේ දේවල් කියවලා හරි ඔය අදහස් අයින් වුණොත් හොඳයි.
මනුෂ්‍ය හැගීම්, කුතුහලය, මාධ්‍ය හා සමාජ වටපිටාව මගින් කරන පෙළඹීම්, අවසානයේ සමාජයේම කුරිරු ඇස් වලින් බේරෙන්න උත්සාහ දැරීම වගේ කාරනා ගොඩක් මේ කාරණයට මුල් වෙනවා බට්ටි.
Deleteමේ පැත්තට හොරෙන් ආව ගිය හෙරක් එහෙනම් අහු උනා. :D
ස්තුතියි අදහස් දැක්වීමට.
මේක නම් සිරා කතාවක් සහෝ.මේ දේ වෙන්න පුළුවන් ඇත්තක්. ඒත් ඔය දේවල් කරන්න කලින් ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරන්න පුලුවන් නම් ගබ්සා කරන ප්‍රමාණය සෑහෙන්න අඩු වෙන්න පුළුවන්.ඒකට මාධ්‍ය දායකත්වය, ලිංගික අධ්‍යාපනය කියන දේ ඇතුලත් වෙන්නම ඕනේ.නැතුව බෑ
ReplyDeleteමේක වෙන්න පුළුවන් ඇත්තක් නෙවෙයි සහෝ.. සිද්ධ වෙන ඇත්තක්. අපේ මාධ්‍ය දායකත්වය ලැබෙන්නේ මේවාට පෙළඹෙන එක නවත්වන්නවත්, අධ්‍යාපනය ලබා දෙන්නවත් නෙවෙයි. අනවශ්‍ය ඇසුරකට පොළඹවන්න.
Deleteස්තුතියි අදහසට.
මේ ජරා වැඩේ කරපු දොස්තරයෙක් හිටිය මම දන්නා එකෙක් ඌව පළාතේ. ඌ දවසම බීලා ඉන්නේ. ඌ මැරුනේ බල්ලෙක් වගේ දුක් විඳලා. දවසකට මේ රටේ කීයක් වෙනවා ඇද්ද මෙවැනි ගබ්සා. වැරැද්ද කාගේද? නඩු විසඳන්නේ කවුද? අපි මේ යන්නේ කොහෙද? හෙළුව අත් දෙකෙන් වහගත්තත්, ඇත්ත වහන්න අහසටවත් බැහැ. ඒ සත්‍යයට මුහුණ නොදී, බොරු සුචරිතවාදය කරපින්නාගෙන ඉන්නතුරු අපි යන්නේ වල පල්ලටම තමයි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕනි නම් ඊට ඉස්සෙල්ලා මාධ්‍ය සදාචාරයක් ඇති කරන්න ඕනි කියලා මන් හිතනවා. මොකද ඒවායේ පෙන්නන දේවල් ළමයින්ට එතරම් සුදුසු නැති දේවල්. ඒවයෙන් ළමයට යන්න එක පාරකුත්, ඉස්කෝලෙන් තව පාරකුත් කියලා දෙන එක ගැලපේන්නැති හින්දා. එක හරියට කක්කුට්ටගේ කතාව වගේ.
Delete..//ඌ මැරුනේ බල්ලෙක් වගේ දුක් විඳලා.//... මෙන්න මන් මාරයාගේ පොස්ට් එකේ දාපු කමෙන්ට් එක.
එක තැනකදී මන් අහලා තිබුනා ගබ්සාව කියන්නේ පවක් නෙමෙයි. මොකද කලලයක් බිහි උනාට ඒකට ආත්මයක් එක් වෙන්නේ අන්තිම මාස කීපයේදී කියලා. එතකොට නිකම් බ්‍රොයිලර් වගේ. :D
අනේ මන්දා ,මොනව කියන්නද
ReplyDeleteඔය නොකියා කියපු දේත් වටිනවා නෙව. ස්තුතියි කියෙව්වට.
Deleteමේ කතාව කියවල මාව සිතල වෙලා ගිය. මොන කියන්නද කියල හිතා ගන්න බෑ. මේ වගේ කරදර වලට පත්වෙන අය අපේ සමාජයේ කොච්චර ඇද්ද? හිතන කොටත් පුදුම දුකක් ඇතිවෙන්නේ......
ReplyDeleteඒ කරදර වලට මුහුණ පාන තත්ත්වෙට පත් නොවී සිටීම ඊට වඩා වැදගත් නේද සමනලී. ස්තුතියි අදහසට.
Deleteමන් හිතන්නේ මාරයා අයියා මේ ගැන ලියපු පොස්ට් එක ඔයා බලන්න ඇති. නැත්නම් ගිහින් බලලා එන්නකෝ.
මෙහෙම අපරාද දවසකට ලංකාවේ 1000 ක් වෙනවා එයින් කි දෙන්නම් මේ වගේ අත්දැකීම් ලබනවා ඇති ද?
ReplyDeleteඔව් අසර්. මේක නවත්වන්න විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය වෙලා තියෙන කාලයක් මේක. එහෙම නැතුව ගබ්සාව නීතිගත කිරීම, ලැගුම්හල් වලට පොලීසියෙන් කඩා පැනීම වගේ දේවල් තේරුමක් නැති වැඩ විදියටයි මට පේන්නේ.
Deleteඅකමගෙ මම කියවපු හොදම එක බව කිව යුතුමයි... කථාව අපූරුවට ගොඩනගලා තියෙනවා...ඒ උනාට අවසන් කරන්න හදිස්සි වෙලා වැඩි කියලත් හිතෙනවා...
ReplyDeleteඔය විදියට එන ගෑණුන්ගෙන් ඩොකා ප්‍රයෝජන ගන්න බව ප්‍රසිද්ධ රහසක්... බහුතරයක් ඉන්නෙ හොර ඩොකාලා...
ස්තුතියි සිරා අදහසට. මීට පස්සේ කලබල නැතුව ලියන්නම්.
Deleteඔයාගේ අලුත් ලිපිය "හලාල් සහ ජාතිවාදය" කාලීන මාතෘකාවක් කියලා හිතෙනවා. කමින් බලලා ඕක පලවෙනකම් බලාගෙන හිටියේ.
ජයවේවා!
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මොකෝ හෙන්රි අයියේ මේ?
Deleteමේ දවස්වල බෙල්ල ගාවටම එරිලා ඉන්නේ නේද වැඩ නිසා. කමක් නෑ. පියසටහනත් වටිනවා.
This comment has been removed by the author.
ReplyDeleteහෙහ්..හෙහ්...
Deleteමාරයා අයියා ලියපු එකත් කියෙව්වා.මොන කියන්නද කියල මටනම් හිතා ගන්න බෑ. දැනුවත් කලාට ඔයාට ගොඩක් ස්තූතියි
ReplyDeleteආවට ඔයාටත් ස්තුතියි!
Deleteමගේ ඇඟත් එක්ක සීතල වෙලා ගියා මචං. අර කෙල්ල කවදාවත් ඒකිට මූණපාන්න වෙච්ච සිද්දිය එළිකරන එකක් නෑ.ඇත්ත කිව්වොත් අර කොල්ලා කෙල්ලට කලින් වගේම ආදරයෙන් සලකයිද ?
ReplyDeleteප්‍රශ්නෙට උත්තරේ ගන්න තියෙන හොදම විදිහ තමයි කොල්ලා මම නම් මම කොහොමද හිතන්නේ කියන එක.
කෙල්ල නොකිව්වට කොල්ලා දන්නවා බං.
Deleteඔය වගේ අවස්ථාවකට මූණ දෙන්න උනොත් කරන්න තියෙන දේ ගැන මටත් හරියටම හිතාගන්න බෑ සහෝ. ඒත් කෙල්ල පාවා දෙන්නනම් යන්නේ නෑ. ඕවට පූර්ව වගේම පස්චාද් ආරක්ෂක උපක්‍රම තියෙනවානේ. එතකොට ප්‍රශ්නේ මෙච්චර දුර යන්නේ නෑනේ.
..//ප්‍රශ්නෙට උත්තරේ ගන්න තියෙන හොදම විදිහ තමයි කොල්ලා මම නම් මම කොහොමද හිතන්නේ කියන එක.//..
වටිනා අදහසක්.
මේවා මහා පව්කාර වැඩ අනේ ..ඔය වගේ දෙයක් උනහම පිරිමියෙකුට කොන්ද පන තියෙන්න ඕන උපදින්න ඉන්න එකා වෙනුවෙන් තීරණයක් ගන්න .ඒත් ඉතින් සල්ලාලයෙක්නම් කීයටවත් භාර ගන්නේ නෑ නේ
ReplyDeleteඒ ඉතින් මේ ප්‍රශ්නෙදි අපි හිතන විදිය. තව කෙනෙකුට වෙනස් විදියකට හිතෙන්න පුළුවන්. ඒකනේ ගබ්සාවන් මෙච්චර වෙන්නේ. අනික ගබ්සාවන් වැඩියෙන්ම කරන්නේ (94% විතර) විවාහක උදවිය කියලයි සමීක්ෂණ වාර්ථාවන් පෙන්නන්නේ. වැඩි විස්තර සඳහා මාරයාගේ මේ පොස්ට් එකේ කමෙන්ට් එක්කම කියවන්නකෝ.
Deleteමමත් මේ ලොකෙ අකමැතිම දේ තමා ගබ්සාව.... මෙන්න මගෙනුත් උදාහරනයක්....
ReplyDeletehttp://jeevithayasundharai.blogspot.com/2012/12/blog-post_11.html
උදාහරණෙනම් බොක්කටම වදිනවා මචං. ඒකට හොයාගත්තු ෆොටෝ ටික දැක්කම ඇඬේනවා මචං.
Deleteබොහොම ස්තුතියි සහෝදරය....මේ කාලකන්නි ලොකයෙන් ඕක අයින් කරන්න පුලුවන්නම්......
Deleteහිත සෑහෙන්න රිදුනා
ReplyDeleteඇත්ත තිත්තයි ගැමියා.
Deleteසමාජයේ මිට වඩා දේවල් වෙනවා නේද. මට තරහ අර තුප්පහි නර්ස් ගැන.
ReplyDelete!
ReplyDeleteහයියූ.... මේ වගේ දේවල් හෙළා දකිනවා. ඔව්!!
ReplyDelete