යාල්
දේවි දුම්රිය හෝ දුම්රිය මාර්ගය පුපුරවා හැරිය බවට දස දෙස කතා ඇසෙයි. ඒ පිළිබඳව
කොලු ගැටයාට නිනව්වක් නැත. ඔහුට වසර දෙකක් වැඩිමහලු වූ සහෝදරයාගේ මුවින් පිටවන
වදන් අනුසාරයෙන් කොලු ගැටයාද ඒ පිළිබඳව සියල්ල දත් ලෙස කියවයි.
ඒ
1989 හෝ 1990 වර්ෂයයි. අම්මාගේ සාරි පොටේ එල්ලී අයියාත් සමඟ පාසල් යන පූර්ව පාසල්
අවධිය හෝ එක වසරේ විය හැක. අවුරුදු සමයයි. රතිඤඤා හඬ දස දෙස පැතිර යන උත්සව සමයේ
පොඩි උන් දෙන්නාටද බරටම වැඩවල යෙදීමට කරුණු කාරණා ඉෂ්ඨ සිද්ධ වී තිබුණි.
![]() |
| පුංචි කෝච්චිය |
නිවසේ
මායිමේ වැට අසල ඇති කුඩා ඉවුරේ වලක් හාරා රතිඤඤා දෙකක් යට කර නැවත පොලොව
සකසයි. සිහින් කෝටු කැබලි දෙකක් ඒමත දික් අතට තබා කුඩා කෝටු කැබලි හරස් අතට අතුරා දුම්රිය මාර්ගය
ඉදි කරයි. මේ සියල්ලේ වැඩකරු පිරිසෙන් වැඩිමහල්ලා වන අතර පොඩි එකාගේ රාජකාරිය අත්
උදවු සැපයීම පමණි. ඒ පිලිබඳ තුන් හිතකවත් නොසතුටක් නැත්තේ කාර්යය එතරම්ම බරපතල
බැවිනි. රතිඤඤාවල සේවා නූලට කඩදහි කැබැල්ලක් ගැට ගැසුවේ එසේ නොකළහොත් රතිඤඤා
පිලිබඳ සම්මුතියේ ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් ඉදිරියේදී පර්මිට් කැන්සල් වේයැයි
ඇති බය නිසාය. සියල්ල සූදානම්. ඒත් කෝච්චියක්?
අලියා
ගිණිපෙට්ටි වලින් කෝච්චියක් සාදා එන්ජිමට SUN ගිණිපෙට්ටියක්
යොදා දුම්රිය සකසා රේල් පාර මතින් තැබූ කුඩා සහෝදරයින් තම වික්‍රමය නිවසේ අය
සමඟින් ඈතට වී නරඹන්නේ ඉතා සතුටිනි.
..............................................................................................................
සහෝදරයා
පිළිඹඳ කොලු ගැටයා සතු මතක සටහන් තව බොහෝමයකි.
එක
වසරට ඇතුළු කල දිනම ඉන් ඉවත්වී තුන වසරේ වාඩි වූයේ ඒ වනවිට වැඩිම යහළුවන් පිරිසක්
සිටිනා පන්තිය මෙන්ම සහෝදරයාද එහි සිටින බැවිනි. සංගීත ක්ෂේත්‍රය මෙන්ම පරිඝණක ක්ෂේත්‍රයටද
යොමු වන්නේ ඔහු හරහාය. ඈත දුප්පත් පාසලක ඉගෙනුම ලබා උසස් පෙළ සඳහා නැවත නිවසට
පැමිණෙන විට පරිඝනකයක් සඳහා නිවසේ හා හූවක් ඇති වෙමින් තිබුණු බව අදටද හොඳින්ම
මතකය. සුඛෝපභෝගී භාණ්ඩයක් අපේ ගෙදරට? මල්ලීට මැජික්ය.
නිවසේ
පළමු පරිඝණකය, ඔක්ටෙව් හතරක විදුලි ඕගනය, පළමු වාහනය සියල්ලම ඔහු නිසාය. මව් මෙන්ම
පිය පාර්ශවයේද දෙවන පරම්පරාවේ පළමු විවාහය ඔහු සතුය. පළමු සිඟිත්තා ඔහු සතුය. පළමු
රෝද හතර ඔහු සතුය. නමුත්, දියුණුව යනු මුදල්ම නොවන බවද සතුට විනෝදය සඳහා වෙන්කරන
කාලයෙන්ම තේරුම් ගත හැක.
අයියේ,
අද වෙනකොට ඔයා ජීවිතේ ගොඩක් දුර ගිහින්. ඒත් තාම මං ඔයා ළඟ ඔයාගේ පොඩි මල්ලි. අපේ
සහෝදරකම අද වෙනකම් එන්න එන්න ලියැළුවා මිසක් ඒ පිළිබඳව අංශුවකවත් සැකයක් තබා ගන්නට
කාරණාවක් ඔයා ඉතුරු කලේ නෑ.
අද ඔයාගේ උපන් දිනේ. ඒ වෙනුවෙන් මට මුකුත්ම දෙන්න දෙයක් නෑ. නංගී එයා ඉතුරු කරපු සල්ලි වලින් අරන් දුන්නු බර්ත්ඩේ කාඩ් එකත් පෝස්ට් කරගන්න පුළුවන් උණේ ඊයේ. කරන්න තියෙන්නේ එකම එක දෙයයි.
අයියේ,
ඔයාට සුභම සුභ උපන් දිනයක්!
අද ඔයාගේ උපන් දිනේ. ඒ වෙනුවෙන් මට මුකුත්ම දෙන්න දෙයක් නෑ. නංගී එයා ඉතුරු කරපු සල්ලි වලින් අරන් දුන්නු බර්ත්ඩේ කාඩ් එකත් පෝස්ට් කරගන්න පුළුවන් උණේ ඊයේ. කරන්න තියෙන්නේ එකම එක දෙයයි.
අයියේ,
ඔයාට සුභම සුභ උපන් දිනයක්!




