දමාලා ඉවත මා සිත රැඳී මාන්නය
සොයාලා ගියෙම් මම මග හැරුණු කාලය
හෙලාලා ඉවත දහතුන් වසරක ශාපය
ලොවාලා ගතිම් අද උතුමෙකුගෙන් සහතිකය
පාස් කලත් අට උන්දැට සරුසාරයි
පොතින් පතින් පිරි මගේ ඔලුවත් පුදුම බරයි
සත හට සම තැන පොත පතටම බාරයි
ඇති හැකි උන්දැගේ පස්සට දැන් මං හරි ලෝබයි
ලෙව්වොත් පස්ස බඩ පිරෙනව ටක්කෙටම
ඉස්සර එහෙම කිව් උන් හට බනිනවා දැක්කහම
කළකම්, ගොන්කම් මතක් වී ඇඬේනව තනි ඇහැට
වැල යන අතට මැසි ගහනව බැරි කමට