"ආ මල්ලි ගුඩ් මොර්නින්ග්!"
කාලෙකට පස්සේ දන්න කියන අයියා කෙනෙක් හම්බ උනා.
"කොහෙද මල්ලි උදෙන්ම, ලොකු බෑග් එකකුත් එල්ලගෙන?"
ප්‍රියම්බිකාවත් අතේ එල්ලීගෙන සිරික්කිය දදා ඉන්න අතරේදී අයියා ඇහුවා.
"කැම්පස් එකට යන ගමන්. අද එහෙ...."
"ලේක්චර්සලා ස්ට්‍රයික් නේද මල්ලි?"
ඔන්න ඉතින් පැනලා දුන්නා.
"ඔයා ජොබ් එකකුත් කරනවද ඔය අස්සේ?"
අතුරු ප්‍රශ්නයක්.
"ඔව් අයියේ, මන් දැන් **** වැඩ කරන්නේ"
මගෙන්
"දැන ගත්තු එක ලොකු දෙයක්. ඒක IT ෆීල්ඩ් එකේ නේද? මගේ නංගිටත් ජොබ් එකක් හොයා හොයා හිටියේ. වේකන්සියක් සෙට් උනොත් කියනවද?"
"හා"
මගෙන් කෙටියෙන්
"ඔයා නම් ඔය පැත්තට කොහොමත් සම්බන්දයිනේ. කලින් SLIIT ඒකත් කළා නේද?"
ප්‍රශ්න වැලක්.
"නෑ අයියේ. මන් කැම්පස් එකේ S/W ඩිප්ලෝමා එකක් කළා."
ඔන්න උත්තරේ
"ඒකනේ ඒකනේ. දැන් ඔයා ගියාට උගන්නන්නෑනේ. ගිහින් වැඩක් නෑනේ?"
"නෑ අයියේ මන් යන්නෙ අපේ ප්‍රොජෙක්ට් එකක් යනවා. ඒකට."
"ඕක හදිස්සි නැතුව කරන්න මල්ලි. ඔයාට තව කල් තියෙනවනේ. කැම්පස් කවදා පටන් ගනීද දන්නැනේ."
පැනලා දුන්නා.
"ඒත් ඉක්මනට කරලා දාන එක හොඳයි. මොකද අපි ප්‍රොජෙක්ට් එකට ගොඩක් කල් ගත්තොත්
කම්පැනියෙන්..."
"මතක් කරන්න එපා මල්ලි ඕකුන් ගැන. ස්ටඩි ලීව් එකක්වත් දෙන්න බැරි කාලකන්නි යක්කු."
අයෙත් පැන්නා.
"ඒක තමයි අයියේ, ඒක නෙවෙයි, දැන් ලැබ් එක ඇරලත් ඇති. මන් ගිහින් එන්නං. පස්සේ හම්බවෙමු."
එයාගේ හිතේ තිබුන කැම්පස් කොල්ලෙක් හම්බ උන ජොලිය නැති නොකර, වැඩට අඳින්න ගෙනාපු ඇඳුම් පිරුන බෑග් ඒකත් එල්ලගෙන මන් කැම්පස් යන්නෙ, කම්පනියේ වැඩකට කියලා එයයි, මායි දෙන්නම අපහසුතාවයට පත් වන විදිහේ වදනක් නොකියා, මොහොතකට හෝ වි.වි.ශිෂ්‍යයෙක් වීමේ සතුටත් විඳගෙන, පුරුදු පරිදි ජීවිකාව ගෙනියන්න එතනින් නික්ම ගියා.
ඇත්තෙන්ම AKM සමහරු ප්‍රශ්ණාවලියක්ම අහනවානේ? කරුමෙ කියන්නෙ මටත් ඔහොමනෙ බං. මම ඉන්නෙ ප්‍රශ්ණ වැලකට උත්තර දෙන්න. මම ප්‍රශ්ණ අහන්නෙ නෑ. උන් ඉන්නෙ ප්‍රශ්ණ අහන්න. උඹ දන්නවද මම සමහරු දැක්කාම මග අරිනවා මොකද හැමදාම උත්තර දෙන්න ඕනෙ එකම ප්‍රශ්න ටිකට.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
//....හැමදාම උත්තර දෙන්න ඕනෙ එකම ප්‍රශ්න ටිකට....//
Deleteසහතික ඇත්ත අයියා...
ඔයා බැඳලද?
කොහෙද වැඩ කරන්නේ?
මහන්සියට හරියන්න හම්බ වෙනවද?
සම්මුඛ පරික්ෂණයක් ද මන්ද? මම පොරක් නෙමෙයි. ඒත් ලිපි වල සැකසුම අපිලිවෙල බවක් පේන්නේ. මතක තියාගන්න ඕන දේ තමා ඔයා ලියන දේ බලන්නේ වෙන අය කියන එක. ඉතිං ඒ අයට පහසුවෙන් කියවන්න හදලා දෙන එක නේ යුතුකම.. (බුරු දේශකයාගේ පඩි ටෝක්)
ReplyDeleteහෙහ්. හෙහ්.. හෙහ්...
Deleteඅපි වගේ කැලේ පනින උන් හදාගන්න නෙව උඹලා ඉන්නේ. උපදෙසට ගොඩක් ස්තුතියි. ඉස්සරහට හදා ගන්න බලන්නම්.