Friday, September 27, 2013

නිවාඩුවක් නැත මටනම්
අද හෙට හෝ අනිද්දා කියා
මගේ සගයත් දැන් දුබල නිසා
කවදා ලැබෙයිදෝ මට අස්වැසිල්ලක්

මට උඩින් ඉන්න උන්
රජ සැප විඳින බව දන්නවා
දවස් තුන හතරකට වරක්
පමණක්ම හමු වන නිසා

හැමදාම හවසට නෑවත්
පිච්චි පිච්චි වේලුනත්
විඳින දුක් හින්දා සුදුමැලි උනත්
තරහක් නෑ තුවාල උනත්

මට සගයෙක් දෙන්න බැරි තරම්
නුඹට අහේනි බව දන්නවා
උඩින් ඉන්න උන් ඉන්නේ
උඹේ තත්තේ පෙන්නන්න බවත් මන් දන්නවා

දිලිහෙන සපත්තු දෙක දැම්මාම
උඹ හැන්ඩි බව යසට පේනවා
යුවතියක් හමුවේදී ගැලවුනොත් කලිසම
නුඹ නෝන්ඩි බව හොඳට දැනෙනවා

කල පින් මදි උනිද
දුප්පත් හාම්පුතෙක් ළඟ
අද මා වැජඹෙන්නේ
ඉරුණු .........වී



P.S: Draft gode thibunu ekak mese eli dakwena wagayi....... (Sinhala nathi PC ekakin....)