Wednesday, January 16, 2013

ගැහැණු කම නිසාමද මේ දුක....?


        සොඳුරුව ගෙවන්න තිබුණු ජීවිතය බඩේ ගින්දර නිවන්න උකස් කරන්න පුංචි මට සිද්ධ වීම ඇත්තටම දෛවයේ සරදමක්. පියාපතක් වගේ සැහැල්ලු ජීවිතය... පිහාටු ලැබ නිදහසේ පියාඹපු කාලය.....


          පුංචිම කාලේ මේ පවුකාර ජීවිතයට පුරුදු උනේ අම්මත් එක්කමයි. ඒත් ඒකට අම්මට බනින එක ඇත්තටම සාධාරණ නෑ කියලා මං අදටත් පිලිගන්නවා. මේ තමයි අපේ දෛවය. මේ තමයි අපි ලබා උපන් හැටි.

          බඩේ ගින්දර නිවාගන්න මිනිස්සු කොච්චර දේවල් කරනවද? මේ වෑයම ජීවත් වීම උදෙසාමයි කියලා කිව්වත් වරදක් නෑ. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු, සත්තු හැමෝටම පොදු ධර්මතාවයක් වෙච්ච බඩගින්න අපිවත් අසරණ කරනවා.

         තාත්තා හවසට මල්පැණි වඩියක් ගහලා එනකොට, මට මං ගැන දුක හිතෙනවා. තාත්තා ගැන පිළිකුලක් ඇති වෙනවා. කේන්තියකුත් එක්ක. මල් පැණි..... මොන රහක්ද මන්දා මටනම්. මට විතරක් නෙවෙයි. ගෑණු අපි හැමෝටම අප්පිරියා හිතෙන ජරාවක්. වෙලාවකට මට හිතෙනවා ඕකේ රස බලන්න අපිත් පුරුදු උනානම් කියලා. මේ කාලකන්ණි ජීවිතයෙන් සැනසීමක් ලබන්නවත් පුළුවන් වෙයිනෙ එතකොටවත්.

         මට ඇත්තටම මේ ජීවිතේ ගැන කළකිරුණේ අම්මගේ අකල් වියෝවෙන් පස්සේ. ලේ විලක් මැද වැටිලා හිටපු අම්මා ගැන එකෙකුටවත් ගානක් නෑ. මං එතන ඉඳන් අඬපු ඇඬිල්ල. අන්තිමේදී මන් තනි උණා.

          හ්ම්ම්ම්..... දැන් රෑත් උණා.  ඕවා ගැන හිත හිතා හිටියයි කියලා මගේ බඩ පිරෙන්නෙත් නෑනේ. ආයෙත් යන්න ඕනි පරණ ජීවිතේටම. ජීවිතය මරණය හමුවේ උකස් කරලා බඩේ ගින්දර නැති කරන්න.

          අද මං තෝරාගත්තේ පාලු බංගලාව. ඒකට පාලු බංගලාව කියන්නේ අක්කර ගානක ඉඩමේ තිබුණු බංගලාවක් හින්දයි. අහල පහල ගෙවල් මුකුත් නෑ. හොඳ දලකාරයෝ. රස්නේ වැඩි හින්දද මන්දා ජනේලේ ඇරලා දාලා. අපි සෙට් එකම ජනේලෙන් රිංගුවේ ඒ වෙලාවේ ගෙට යන්න තිබුණු ලේසිම පාර ඒක වෙච්චි හින්දා.

        හොරෙන්ම කාමරේකට රිංගලා බැලුවා. ලොකු මහත්තයා නිදි. ඒත් අස්සට යන්න බයයි. මිනිහට තියෙන්නේ කුකුල් නින්දක්. අනික හරිම වසයි.

        හිමින්ම අනිත් කාමරේට ගියා. පුංචි මහත්තයා සැපට නිදි. එකපාරටම ආපු කාරණෙත් අමතක උණා. මන් කොච්චර වෙලා බලන් හිටියද මංදා. හවස නාලා හිටපු හින්දද මන්දා දැනෙන සුවඳ..... මගේ හිත කුල්මත් කළා. සුදු පාට ඇඟ. නින්දෙන් සරමත් එහෙ මෙහෙ වෙලා ටිකක්. මට ලෝභ කමක් දැනුණා. සිප ගන්න ආස හිතුණා. ගෑණු කම කියන්නේ මේකද මන්දා.

     මුලින්ම මං ඒ සුදු ඇඟ සිප ගත්තා. පස්සේ රස උරා බොන්න හැදුවා.


         චටාස්.......!!!

..................................................................................

පලි:- අපේ අක්කනම් බේරුණේ විචාරක කියන කරුණාබර අවිහිංසාවාදී         මහත්මයෙක් නිසයි. ඒත් හැමතැනම කොහෙන්ද ඒ වගේ මිනිස්සු...


පපලි:-
   විචාරක මහත්මයා මිසීලගේ ග්‍රහණයෙන් මිදී පොඩි අක්කාගේ ග්‍රහණයට නතු වූ බව දැනගත් පසු මෙය ලියන්නට සිත් විය. එතුමාට මෙන්ම එම මැතිණියටද ඉක්මන් සුවය පැතීමටද මෙය අවස්තාවක් කර ගනිමි.


47 comments:

  1. කලෙකින් ආමි... ආයෙත් එන්නෙමි... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් ආමි ගියෙමි තමයි. හෙහ් හෙහ්...
      ඒ පැත්ත පාළුයි අලුත් මල්ලි. මකුළු දැල්වත් කඩන්නැද්ද බං. අපිත් එන්නම් සපෝට් එකට. ආයෙත් ලියන්න පටාන් ගනිමුකෝ එහෙනම්.

      ජයවේවා!

      Delete
    2. ලියමි ලියමි... හැකි වෙලාවක ආයෙත් ලියමි... ජය වේවා...

      Delete
  2. මේ මොක්කද මේ. (කල්පනා කරමින්) ලියන මගුලක් තේරෙන්න ලියන්න එපැයි..චික්.. කමක් නෑ ආයි කියවලා බලනවා.
    (නැවත කියවීම)
    2,3,4 ඡේද කියවද්දී - රෑ සමනලියක්
    5,6,7 ඡේද කියවද්දී - මුකුත් හිතා ගන්න බෑ වගේ
    අන්තිම ඡේදය කියවද්දී - XX
    චටාස් + පලි + පපලි = හික්ස්.. දැන්නෙ තේරුනේ..

    නියමයි ඈ.. කොහෙන් එන අදහස්ද මන්දා.. යකඩෝ මදුරුවෙක් ගිය උඩ

    ReplyDelete
    Replies
    1. අන්න බණ්ඩා අතරමං වෙලා අඤකොරොස් වෙලා ගිහිං. හෙහ් හෙහ් හෙහ්... කමෙන්ට් එකත් මරුවට ලියලා තියෙනවා.

      Delete
  3. බණ්ඩා ගෙ කමෙන්ට් එක නොතිබුනා නම් මං තවම කල්පනා කරනවා. මරු ඈ.. :)

    ReplyDelete
    Replies
    1. බණ්ඩා ගම කාලා වගේ.... මදුරුවෙක් හින්දා ඔන්න මාත් අද වේල ගැටගහගත්තා. :)

      Delete
  4. මේක ඩෙංගු මදුරුවෙක් එහෙම කියෙව්වොත් අකමට සම්මානයක් දෙනවා... හි හි

    දෙන්නටම දැන් සනීප ඇති කියලා හිතනවා....

    ReplyDelete
    Replies
    1. "ලේ උරා බොන්නන් වෙනුවෙන් පෙනී සිටීමේ වසරේ විශ්ෂ්ඨතම සම්මානය.... මෙන්න පිළිගන්න......."

      "චටාස්......."

      සමිතියේ නිවේදිකාව හදිසියේ අප අතරින් සමුගැනීම හේතුවෙන් සම්මාන උළෙල කල් දැමූ බව කරුණාවෙන් සලකන්න.

      Delete
  5. නියමෙට ලියල තියෙනව අකමො.
    පලි/පපලි නැත්තං සොරි තමයි.

    ReplyDelete
    Replies
    1. ඔයාලා සොරි කරන එක පව්නේ......

      තැන්කෝ...

      Delete
  6. ඊයේ රෑ මර නින්දෙ කියවලා උතුර දකුණ මාරු උනා. මීටර් උනේ ටික වෙලාවක් ගියාට පස්සෙ ..එතකොට මැසිම ඩවුන්.. අනේ බං උඹටත් හිතෙන දේවල්..

    ReplyDelete
    Replies
    1. රෑ වෙනකොට උතුර දකුණ මාරු වෙන්නේනම් කොල්ලන්ගේ කියලයි මන් දැනන් උන්නේ.. :)

      මටත් ඔය වැඩේ වෙනවා ලිහිණි මේ ළඟදි ඉඳන්. පීසී එක ෆෝමැට් කරන්න කාලේ හරි. ඒත් ඒක කලොත් එදාට බ්ලොග් බලන්නේ කොහොමද?

      මොකෝ මේ නම වටේ හාට් කැරකෙන්නේ.....

      Delete
  7. අම්මප නියමයි අකමෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දේශකයෝ.

      දැන් කොහොමද ලෙඩ දුක් එහෙම? සනීපද?

      Delete
  8. නියමයි බං. එකපාරට හොල්මං උනත් විචාරක ගැන කියපු කතාවෙන් යන්තං ගොඩගියා.

    ReplyDelete
    Replies
    1. විචාරක දැන් අමාරු තත්ත්වයෙන් ගොඩ ආවට තාම හොඳ ෆිට් එකක් නෑ වගේ. එහෙම නැත්නම් පොඩි අක්කා නෝනට වඩා තග දාගෙන ඇති. නැත්නම් මෙලහකටත් මේ පැත්තේ මෙලහකටත් ඇවිල්ලා.

      Delete
  9. පටාස් !!! කියන තැනින් තමා ඉතිං සිරා අවංකෙන්ම ට්‍රැක් එකට වැටුනෙ...නියමයි අකම්... සුපිරියි..

    ReplyDelete
    Replies
    1. අඩේ සිරාත් පීලි පැන්නද? විචාරකවත් ගෙන්න ගන්න බලමු 27වෙනිදට.

      Delete
  10. මගේ මේක මෙව්වා වෙලා පස්සේ මේවා වෙලා ගියා මැදිරියෙක් ගැන කියලා දැන ගත්තම.

    ReplyDelete
    Replies
    1. අඩුම ගානේ වැඳිරියක්වත් උනානම් මෙව්වා එක එව්වා වෙන එක පොඩ්ඩක් හරි අඩුවෙන්න තිබුණා නේද මාතලන්.

      Delete
  11. ඔය ගෑනු සතා ඔහොම්මමයි...අනේ පිරිමි සතා අහිංසකයා. පට්ට විදියට ගලපලා තියනවා...පසු ලිවිල්ල නැත්තං තමා හොඳ කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ගෑණු සත්තු කොහොමත් ඔහොම්මමයි නලින්. මන් කිව්වේ මැදිරියෝ.

      පසු ලිවිල්ල නැත්නම් අනික් උන් මාව මෙලහකටත් මරලා. :D

      Delete
  12. නෙද්දකින් විතරක්...මදුරුවගේ චරිතයත් ඝාතනය කරලා නේ...රටේ මිනිස්සු දැන් මදුරුවෙක් ගැන මොනවා හිතනවා ඇද්ද..

    ReplyDelete
    Replies
    1. මැදිරිව ඝාතනය කරපු එකේ මදුරුවාගේ චරිතයවත් ඝාතනය කරන්න එපායැ. මදුරුවා නිකන් "මල් පැණි බී බඹරු වගේ රෑට නිදන්න..." සින්දුවට අනුගත වෙලා වගේ. හි හි...

      Delete
  13. යකෝ.. මොන රෙද්දක්ද.. මං විනාඩි 5ක් විතර බලං හිටිය කටත් ඇරං.. මං හිතුවෙ හෙරක් කියලයි.. කොමෙන්ට් කියව්වම තමයි මීටර් උනේ :P

    ReplyDelete
    Replies
    1. අපේ ලේ හොරෙන් බොන හෙරක් ගැන තමයි බොල මාත් කිව්වේ.... කොහොමද නිකන් වැම්පයර් කෙනෙක් වගේ උනානම්...

      Delete
  14. මං ඒත් බැලුවා, අකමගෙ ඔලුව කොහෙවත් වැදිලද කියලා මේ එකකට එකක් සම්බන්ධ නැති දේවල් ගැන දොඩවන්නෙ. ලෙසටම දීලා තියෙන්නෙ!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අද උදේ පුටුවෙ වාදී වෙනකොටත් හයියෙන් වැදුණා හෙන්රි අයියේ. මොනා කරන්නද මීට පස්සේ කුෂන් එකේ ඇරෙන්න වාඩි වෙන්න හොඳ නෑ.

      ලෙසටම දුන්නා. කට්ටියටම ඇහැරෙන්න. "චටාස්......"

      Delete
  15. හි හි ...මදුරුවෙක් නෙහ් ? විචාරක තුමාට සුව පතමි !

    ReplyDelete
    Replies
    1. මැදිරියක් අනේ මැදිරියක්. කළු මාමලාගේ ගෙවල් වලට යන පාරේ යකඩ වැඩි වැල පිහිටි ගල අවට පතල් පොළවල් වැඩි නිසා ඔය පැත්තේ මේ කට්ටිය හොඳට වැජබඹෙනවා ඇති නේද රෙහානි. (මං හරි නේද?)

      Delete
  16. අර සරමෙ කතාව දෑකල මම කල්පනා කලේ නරක සමනලියක් ද කියල...

    ReplyDelete
    Replies
    1. මේකිත් පැහිලා තියෙන තරමක්...... :D

      ඔව් නදිනි, මං මේකෙන් අතරමං උණු කෙල්ලෙක්, රෑ සමනළියක් හා හෙරක් යන චරිතත් මතු කරන්න පොඩි උත්සාහයක් දැම්මා. :D

      Delete
    2. අන්න අන්න අය්යා නිකන් බොරුව දානව නිකන් සම්භාව්ය චිත්‍රපට හදපු කෙනෙක් වගේ.. නෝටි වෙන්නෙ නෑ අනිත් ගම්වල කට්ටිය වගේ හොදේ....:P

      Delete
    3. මොකක්ද අප්පා.... අපි ටිකක් පොර වෙන්න හැදුවම මෙයා බාල්දිමනේ දාන්නේ..

      අපිනම් නෝටි නෑ හොඳේ....

      Delete
  17. කමෙන්ට් වලින් තමා කතාව තේරුම් ගත්තේ.

    විචාරක මහත්තයා ඔයාගේ ඟතියෙක්ද මචං.මමත් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරා කියන්න.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තයා විතරක් නෙවෙයි, ඔයාලා හැමෝම මගේ ඥාතියෝ. බ්ලොග් අවකාශේ අපි ඔක්කොම සහෝදර ඥාති හිතමිත්‍රාදීයෝ.

      සැමාගේ පොස්ට් එකකට විචාරක මහත්තයා කමෙන්ටුවක් දාලා තිබුණා. එතනින් තමයි දැනගත්තේ ඔහු තරමක් සුවෙන් බව.

      අපි හැමෝගෙම ප්‍රාර්ථනය එතුමාට ඉක්මන් සුවය!

      Delete
  18. හපොයි....මාවත් කරකෝල අත ඇරියා වගේ වුනා එක පාරටම.... පස්සේ ආයෙත් කියවලා අර පටාස් එකෙන් තමා වැඩේ තේරුම් ගත්තේ. කමෙන්ට් ටික කියවලා මං තේරුම් ගත්ත දේ හරියි කියල හරියටම සනාථ කර ගත්තා.... සුපිරි ලියවිල්ලක් ඈ......

    ReplyDelete
    Replies
    1. සමනළීටත් වෙන වැඩ.

      වෙනස් විදියකට ලිව්වේ. ඇත්තටම ඔයාලගේ මේ ප්‍රතිචාර වලින් මගේ මහන්සියට වටිනාකමක් එකතු කරලා තියෙනවා. ඇත්තටම ගොඩාක් ස්තුතියි!

      Delete
  19. අප්පේ, මේ අපේ මදුරි ගැනනේ ලියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ, අපේ ඩිස්කිත් කෙල්ල ගැන තමා මේ.

      Delete
  20. සමාවෙන්න ප්‍රමාදයට. සුවදුක් විමසු, සුවය පැතු, සියළු දෙනාට මගේ ගෞරවාචාරය පුද කරනවා.

    ලස්සන කතාව. කතාවක වටිනාකම වැඩිවෙන්නේ එහි අවසානය දක්වා කුතුහලය රඳවාගත් තරමටයි.

    අපොයි අපේ අක්ක අපේ ගෙදර උන්දෑ වගේ 150 ගුණයක් විතර සැරයි.ලොකු මල්ලි මේක බොන්න කිය කිය මට පෙව්ව ජාති වලට මම හිතුවා තව ලෙඩක් හැදෙයි කියලා. :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ....//අපොයි අපේ අක්ක අපේ ගෙදර උන්දෑ වගේ 150 ගුණයක් විතර සැරයි.//.....

      හෙහ් හෙහ් හෙහ්... මට හිතුණා අක්කා ගැන (සෙන්නගේ හරි සිරාගේ හරි බ්ලොග් එකේ)දාලා තිබුණු පළවෙනි කමෙන්ට් එකෙන්ම. ඔබතුමා හරිම වාසනාවන්තයි. අද කාලේ අහන්න ලැබෙන සහෝදර සම්බන්ධකම් ගැන බැලුවහම.

      Delete
  21. ඔය අක්කලව මතක් කරන්න එපා....එලොව ගිහින් මෙලොව ආවේ අමාරුවෙන්...

    ReplyDelete
    Replies
    1. අක්කලා ඉන්ජෙක්ෂන් පාරක් දීලා වගේ. දැන් හොඳින්නේ... ඒකත් සැනසීමක්.

      Delete
    2. අපොයි මටත්නම් අක්කල එහෙමයි. දැන් අක්කල ආශ්‍රය කරන්නේ බොහොම දුර තියල... අක්කල හින්ද ගොඩක් දේවල් ඉගෙනගන්න .. ඒ වගේම නැති වෙන්නත් ගිහින් ඔයා වගේම අන්තිම මොහෙතේ බේරුනේ .... :p

      Delete
  22. කතාවනම් මීටර් :p ප.ලි .. කතාවට එකතුකරගන්න ගිහින් තාමත් බැරිඋනා .. ඇත්තට මොකෝ ඒ ....

    ReplyDelete