Thursday, September 27, 2012

හෙට තමයි දවස!



දහඅට කිව්වා තව දහයයි කියලා
විසිතුන කිව්වා ෆයිව් මෝ හිටපන් කියලා
නවා තිබුන්නු අතැඟිලි අද දිග හැරුණා
බලා සිටිය දිනයට හෙට එළඹෙන්නා

ලියා තිබුණු ලිස්ට් එක දිග වැඩිවෙන්නා
ගෙදරින් තව බිල් එක එක මතු වෙන්නා
පොලු කාරයො ගෙයි වට පිට කැරකෙන්නා
අයියෝ! හෙට දිනක් නැතිනම්, මට සිහිවෙන්නා

Thursday, September 20, 2012

නාඹර ගැටිස්සියක් ලෙස නුඹ ගැන සිතුවානම්

උකුලට ගෙන  නැල වූ නුඹ         පණට සම
තුරුලට ගෙන  සැනසූ මල         දෙවා පෙම
සුරතින් ගෙන  එක්කරගෙන      ගිය ලෙසම
මග වැරදුනේ   කිමදැයි මට        කියන් නුඹ

පෙන්වා මග හසර    බාලේ          සිට නුඹට
වැටුනා පස්සෙන්ම   යන එන     තැන් වලට
සෙවනැලි දෙකක් විය  මාපියො,  හට නුඹට
කිමදැයි කඩා බිඳ දැමුවේ             උන් වලට

ඉහලට ඉගෙන ගත්තේ අප        පැතු ලෙසට
අප හැර ලොවක් නැත තිබුනේ    ලෙස අපට
සැමදා අපට සිටියේ පොඩි          කෙල්ලක්ව
නොසිතුව එකයි නුඹ පැත්තෙන්     අප නුඹව

නුඹ නැග ගියා ඉගෙනුම් ලොව    හිනි පෙත්තේ
දොර ඇරුණා කූඩුවෙ නුඹේ           හිටි අඩියේ
ආදර සීනුව හැඬුවා දොර                ඉස්මත්තේ
ඇයි මගෙ පැටියො ඇරියේ දොර   හිතු මත්තේ

පෙම් ලෝකයේ දොරගුළු නුඹ         හැර දැමුවා
ඒ අවසරෙන් කොටියෙක් නුඹ    ඩැහැ ගත්තා
බිව්වද අනේ කඳුලැලි    මගෙ          මුව පැටියා
පෙම් මාලිග රා ගින්නෙන්                ගිනි ගත්දා

නාඹර ගැටිස්සියක්  ලෙස නුඹ ගැන    සිතුවානම්
ඉගෙනුම පසෙක ලා මගෙ තුරුලට      ගත්තානම්
කාසිය ඉවත ලා නුඹ ගැන                 සෙව්වානම්
මගෙ රන්කඳ තව චුට්ටක්                   රැක්කානම්

නැත නුඹ ගියේ කොහෙවත්  මිස      අපට වැඳ
දඟ පෑ දෑස කෝ නුඹේ ගොලු            වෙලා අද
අම්මා අප්පච්චි හඬවා හිතු                මතයෙ අද
කීම මගෙ දෙයියො! යන්නේ කර     මතින් නුඹ

Monday, September 17, 2012

නුඹ මගේ රැජින වේවා!

Shyamali Malakar


සෙනෙහස පපා මා වෙත නුඹ            උමතු කලා
සුරතල් වෙමින් දඟ පා නෙතු              යුවල සලා
හිස්තැන් පුරවමින් මගෙ ලෝකයෙ     අඩුව මකා
නුඹ මගේ රැජින වේවා! මතු                සසර පුරා

Sunday, September 16, 2012

කැම්පස් ස්ට්‍රයික් නේද මල්ලි?

          "ආ මල්ලි ගුඩ් මොර්නින්ග්!"
කාලෙකට පස්සේ දන්න කියන අයියා කෙනෙක් හම්බ උනා.

          "කොහෙද මල්ලි උදෙන්ම, ලොකු බෑග් එකකුත් එල්ලගෙන?" 
ප්‍රියම්බිකාවත් අතේ එල්ලීගෙන සිරික්කිය දදා ඉන්න අතරේදී අයියා ඇහුවා.

          "කැම්පස් එකට යන ගමන්. අද එහෙ...."

          "ලේක්චර්සලා ස්ට්‍රයික් නේද මල්ලි?" 
ඔන්න ඉතින් පැනලා දුන්නා.

         "ඔයා ජොබ් එකකුත් කරනවද ඔය අස්සේ?"
අතුරු ප්‍රශ්නයක්.

         "ඔව් අයියේ, මන් දැන් **** වැඩ කරන්නේ"
මගෙන්

     "දැන ගත්තු එක ලොකු දෙයක්. ඒක IT ෆීල්ඩ් එකේ නේද? මගේ නංගිටත් ජොබ් එකක් හොයා හොයා හිටියේ. වේකන්සියක් සෙට් උනොත් කියනවද?"

         "හා"
මගෙන් කෙටියෙන්

        "ඔයා නම් ඔය පැත්තට කොහොමත් සම්බන්දයිනේ. කලින් SLIIT ඒකත් කළා නේද?"
ප්‍රශ්න වැලක්.

         "නෑ අයියේ. මන් කැම්පස් එකේ S/W ඩිප්ලෝමා එකක් කළා."
ඔන්න උත්තරේ

         "ඒකනේ ඒකනේ. දැන් ඔයා ගියාට උගන්නන්නෑනේ. ගිහින් වැඩක් නෑනේ?"

         "නෑ අයියේ මන් යන්නෙ අපේ ප්‍රොජෙක්ට් එකක් යනවා. ඒකට."

      "ඕක හදිස්සි නැතුව කරන්න මල්ලි. ඔයාට තව කල් තියෙනවනේ. කැම්පස් කවදා පටන් ගනීද දන්නැනේ."
පැනලා දුන්නා.

          "ඒත් ඉක්මනට කරලා දාන එක හොඳයි. මොකද අපි ප්‍රොජෙක්ට් එකට ගොඩක් කල් ගත්තොත් 
කම්පැනියෙන්..."

          "මතක් කරන්න එපා මල්ලි ඕකුන් ගැන. ස්ටඩි ලීව් එකක්වත් දෙන්න බැරි කාලකන්නි යක්කු."
අයෙත් පැන්නා.

          "ඒක තමයි අයියේ, ඒක නෙවෙයි, දැන් ලැබ් එක ඇරලත් ඇති. මන් ගිහින් එන්නං. පස්සේ හම්බවෙමු."
එයාගේ හිතේ තිබුන කැම්පස් කොල්ලෙක් හම්බ උන ජොලිය නැති නොකර, වැඩට අඳින්න ගෙනාපු ඇඳුම් පිරුන බෑග් ඒකත් එල්ලගෙන මන් කැම්පස් යන්නෙ, කම්පනියේ වැඩකට කියලා එයයි, මායි දෙන්නම අපහසුතාවයට පත් වන විදිහේ වදනක් නොකියා, මොහොතකට හෝ වි.වි.ශිෂ්‍යයෙක් වීමේ සතුටත් විඳගෙන, පුරුදු පරිදි ජීවිකාව ගෙනියන්න එතනින් නික්ම ගියා.

Friday, September 14, 2012

වලිගය නැති ගොනා...

කාරා කෙල ගසා පිටි අත්ලෙන් කට පිසදා....
දිවගින් තොල ලෙවකා නූර්තියක් ගයලා....
දවසේ වෙහෙස මහන්සිය රුපියල් සීයෙන් ගෙවලා....
ඔරවා බලන්නද බසයේ යන නුඹටා....

දවස පුරා ඇති ඇත්තන් හට කඹුරා...
දවසේ සැපත නුඹ ගන්නෙද සිත් සපුරා...
නෙක නෙක ජාති බී කාරයෙ නැග යනෙනා...
වරමක් නොමැති කල යනු බසයේ රා මතිනා...